මහ බැංකු පොලිය 1% කින් නගී ක්‍රෙඩිට් කාඩ් පොලියත් වැඩි වෙයි

454

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ පොලී අනුපාත සියයට 1 කින් (පදනම් අංක 100 කින්) වැඩි කිරීමට තීරණය කර ඇත.

මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 6.5 සහ සියයට 7.5 දක්වා වැඩි කර තිබේ.

එසේම මහ බැංකුවේ බැංකු අනුපාතය සියයට 10.5 දක්වා ද, ක්‍රෙඩිට් කාඩ් සඳහා වන උපරිම වාර්ෂික පොලී අනුපාතිකය සියයට 20 දක්වාද පෙර ඉල්ලූම් කර ලබා ගන්නා තාවකාලික අයිරා පහසුකම් සඳහා උපරිම වාර්ෂික පොලිය සියයට 18 දක්වා සහ උකස් පහසුකම් සඳහා උපරිම වාර්ෂික පොලී අනුපාතය සියයට 12 දක්වාද වැඩි කරනු ලැබ ඇත.

ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් පවතින සාර්ව ආර්ථික වාතාවරණයන් සලකා බලා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෙරේදා (03 දා) පැවැති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර රජයට කරන ලද නිර්දේශ ප‍්‍රකාරව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන අධෛර්යවත් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවට සහ පිරිවැය පිළිබිඹු වන පරිදි වහාම ඉන්ධන මිල වැඩි කිරීමට සහ විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද රජයේ මූල්‍ය සහ ආර්ථික උපදේශකයා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට නිර්දේශ කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment