මහ වැසි මැද නායයෑම්

161

ඇල්ල වැල්ලවාය පාරත් වසයි

මහ වැසි හේතුවෙන් හපුතලේ නායයෑමේ තත්ත්වයක් ඊයේ උද්ගතව තිබිණි. හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ නිවාස කිහිපයකට පස් කඳු කඩාවැටී අලාභහානි ද සිදුව තිබිණි. මොණරාගල වැල්ලවාය ප්‍රදේශවල ද දියඇලි වල ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ නැග තිබේ. රාවණා ඇල්ලේ ද ජල මට්ටම ඉහළ නැග තිබිණි.

මලිතගොල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ නාය අවදානම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය ඊයේ පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා තාවකාලිකව දැමීමට තීරණය කළ බව ආපදා කළමනාකාරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ උදයකුමාර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment