ආදිවාසි ජනතාවට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ වගකිවයුත්තන් සමග කතා දමන්නට හෙට (17 දා) දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ඇතුළු ආදිවාසි ප්‍රාදේශීය නායකයන් හය දෙනකු පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණීමට නියමිතය.
පාර්ලිමේන්තු රැස්වීමට පෙර හෝ පසුව දිනය සහ වේලාව කලින් දැනුම් දී ඔවුන් හෙට පාර්ලිමේන්තු අබියසට පැමිණෙන බව වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමකදී දඹාන ආදිවාසී සාමාජිකයෙකු පැවසුවේ කතා දමන රාජ්‍ය උදවිය කවුරු දැයි අනාවරණය කළ නොහැකි බවයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ රතුගල ආදිවාසි නායක සුදා ඇත්තන් පැවසුවේ මෙම සාකච්ඡාවට සහභාගි වෙන ප්‍රාදේශීය ආදිවාසී නායකයන් අතර තමාද සිටින බවයි.
මෙම ආදිවාසී නායකයන් හෙට කොළඹ පැමිණීම ස්ථිර බවද ඔහු කීවේය.
නෝමන් පළිහවඩන