මළ සිරුර පාරේ තබාගෙන 47 කණුව හන්දියේ විරෝධතා – වල් අලි ගැටලුව විසඳනු!

77

වන අලි ගැටලුවලට බලධාරීන් මැදිහත් නොවන්නේ යැයි පවසමින් වන අලි පහරදීමකින් මියගිය පුද්ගලයකුගේ දේහයක් පාර මැද තබමින් අම්පාර මහනුවර මාර්ගයේ, 47 කණුව මංසන්ධියේ දී 25 වැනිදා සවස 3.30ට පමණ ගම්වැසියෝ විරෝධතාවයක නියැළුණහ.

මළ සිරුර පාරේ තබාගෙන 47 කණුව හන්දියේ විරෝධතා - වල් අලි ගැටලුව විසඳනු!

පසුගිය 23 වැනිදා රාත්‍රියේ 09.00ට පමණ මහියංගනය අරාවත්ත, කුඩාගලයාය  ගම්මානයේ වයස 37ක් වූ පුද්ගලයකුට වන අලියකු පහරදීමෙන් පසු මහියංගන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. දරු දෙදෙනකුගේ පියකු වන ඔහු තමිල් ඉන්දික කරුණාරත්න නමැති අයෙකි.

පසුව ගම්වාසීහු වල් අලි  ගැටලුවට විසඳුම් ඉල්ලා මියගිය අයගේ දේහය පාර මැද තබාගෙන පැයක පමණ කාලයක් විරෝධතාවේ යෙදුනහ.

මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතා පැමිණ ඊට අදාළ ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලයේ නිලධාරියකු ගෙන්වීය. අනතුරුදායක, මිනිසුන්ට පහර දෙන වන අලියා දින කීපයක් තුළ අල්ලන බවට පැමිණි නිලධාරියා පොරොන්දු විය. පසුව ගම්වැසියෝ දේහය භූමදානය සිදු කිරීම සඳහා රැගෙන ගියහ.

මහියංගණ – රංජිත් කරුණාවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment