මාංචු යතුරක් අරන් මැගසින් රැඳවියකු බලන්න ආ අයෙක් දැලේ

491

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවකු බැලීමට පැමිණි පුද්ගලයකු සෝදිසි කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂ්ම ලෙස රඳවා තිබූ මාංචු යතුරක් බන්ධනාගාරයේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් විසින් ඊයේ (12දා) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු බොරැල්ල පොලිසියට භාරදී ඇති අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment