මාගම්මන ගෙයක් ගිනිගෙන  සැමියායි බිරිඳයි පිළිස්සී මියයති – දරු දෙදෙනාත් රෝහලේ

1256

මිය ගිය දෙදෙනා

හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක පෙරේදා (25 දා) රාත්‍රි ඇති වූ හදිසි ගින්නකින් එකම පවුලේ සැමියා සහ බිරිඳ  මියගොස් දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මාගම්මන ගෙයක් ගිනිගෙන  සැමියායි බිරිඳයි පිළිස්සී මියයති - දරු දෙදෙනාත් රෝහලේ
රෝහල් ගතව සිටින දරුවෝ දෙදෙනා

ඒ අතර සය හැවිරිදි පාසල් දැරියක ද වන බව පොලිසිය කියයි.

සැමියා, බිරිඳ සහ දියණියන් දෙදෙනා 25 දා රාත්‍රියේ කාමරයේ සිටියදී එක්වරම ගින්නක් හටගෙන ඇති අතර ගින්නෙන් සිව්දෙනා බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල ඇතුළත් කර තිබුණි.

මාගම්මන ගෙයක් ගිනිගෙන  සැමියායි බිරිඳයි පිළිස්සී මියයති - දරු දෙදෙනාත් රෝහලේ
ගිනිගත් නිවස

පසුව එහි සිටි සය හැවිරිදි දියණිය බොරැල්ල ළමා රෝහලට ඇතුළත් කර සෙසු තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට යෑමේදී 47 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය කියයි. ඊයේ දහවල් කාලයේදී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මියගිය අයගේ බිරිඳ ද මියගියාය.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචි ලසන්ත බුද්ධික රණසිංහ නමැති 47 හැවිරිදි දෙදරු පියෙක් සහ 35 හැවිරිදි නාලිකාදේවි නමැති දෙදරු මවකි. 19 හැවිරිදි දියණිය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සය හැවිරිදි දියණියගේ තත්ත්වය සාමාන්‍ය බව පැවසෙයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පින්සිරි ආරියරත්න – රත්මලාන






advertistmentadvertistment