මාතර මුහුදේ දිය නෑ සිසුහූ දෙදෙනා දියවැලකට හසුවී ජීවිතක්ෂයට

297

ජනවාරි 01 වෙනි දින පස්වරුවේ මාතර වෙරළ තීරයේ ළමා උද්‍යානය අසල මුහුදේ දිය නාමින් සිටි අකුරැස්ස මලිදුව සහ හේනේගම පදිංචි තරුණ සිසුන් දෙදෙනෙකු දියවැලකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇත.

මලිදුව ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු ආලෝචන සිසුවා අකුරැස්ස මාර/ගොඩපිටිය ජාතික පාසලේ උසස් පෙළ සිසුවකු වන අතර හේනේගම පදිංචිව සිටි වික්‍රමආරච්චි පතිරණගේ නිමේෂ දිල්ශංක සිසුවා මාර/අකුරැස්ස මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් විදුහලකට ඇතුළත්වීමේ අදහසින් සිටි අයෙකි.

දියවැලකට හසුවී මුහුදේ ගසාගෙන ගිය සිසුන් දෙදෙනා බේරාගැනීමට වෙරළ තීරයේ සිටි වෙළෙඳුන් සහ විදේශීය කාන්තාවක් සහ ගැමුණු හේවා බළඇණියේ හමුදා නිලධාරීන්ද කටයුතු කර ඇතත් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

සිරුරු දෙක මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment