මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය එස්.ටී.එෆ්. එස්.එස්.පීගේ  වැඩ තහනම්

71

ජන අරගලය පැවැති ඉකුත් 09 වැනිදා කොල්ලුපිටියේ පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට සිය ප්‍රවෘත්ති විකාශනවල නිරතව සිටි සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් හත්දෙනකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඇත.

මෙම පහරදීමට සම්බන්ධ විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ තවත් නිලධාරීන් පිරිසක් වැඩ තහනමට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්‍ෂණ පවත්වාගෙන යන අතර විශේෂ කාර්ය බළකාය ද වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.

අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක ඇතුළු මාධ්‍යවේදීන් හත්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් නවවැනිදා රාත්‍රි 7.30 ට පමණය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment