මාධ්‍යවේදීන් 6 දෙනකුටත් පොලිස් ප‍්‍රහාරවලින් තුවාල

228

මාධ්‍ය හැඳුනුම්පත පෙන්වූ විට තව තවත් ගහලා

මිරිහානේ ජනාධිපති නිවස ආසන්නයේ පැවැති ජනතා විරෝධය ආවරණය කිරීම සඳහා පෙරේදා (31දා* රාතී‍්‍ර ගොස් සිටි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් 6 දෙනෙකුට පොලිසිය හා ආරක්ෂක අංශ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මෙලෙස පොලිස් පහරකෑමට ලක් වී ඇත්තේ සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී අවංක කුමාර, අද දෙරණ මාධ්‍යවේදීන් වන නිශ්ශංක වේරපිටිය, ප‍්‍රදීප් වික‍්‍රමසිංහ, සුමේධ සංජීව ඇතුළු මාධ්‍යවේදීන් හය දෙනෙකි. 04 – පිටුවට

පහරකෑමට ලක්වූ එක් මාධ්‍යවේදියකු වන සුමේධ සංජීව මහතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක්ව සිටින නිශ්ශංක මහතාගේ රුපියල් ලක්ෂ 4 කට අධික වටිනාකමක් ඇති කැමරාව ද අස්ථානගත වී ඇතැයි ද වාර්තා වේ.

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තමන්ට නින්දිත විදිහට පහරදුන් බව පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීහු කීහ.

පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීහු තිදෙනෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප‍්‍රතිකාර ලබති.

ඔවුන්ගේ මුහුණ, පිට, අත් පා ඉදිමී තිබේ. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීහු රැුසක් පෙරේදා රාතී‍්‍ර මෙම උණුසුම් තත්ත්වය වාර්තා කිරීමට පැමිණ සිටියහ. ඔවුන් එම සිදුවීම රූගත කරමින් සිටින අතරවාරයේ එක්වරම වට වූ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පහරදී තිබේ.

මාධ්‍යවේදීන් තමන් ජනමාධ්‍යවේදීන් බවට හැඳුනුම්පත පෙන්වූ අවස්ථාවේ තව තවත් පහරදුන් බව මාධ්‍යවේදීහු පැවසූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment