මාධ්‍යවේදීන්ගේ තිඹිරිගෙය දිවයින

96

මේ රටේ අපක්‍ෂපාතී පුවත් පිපාසයක් පැවැති වකවානුවක එනම් 1981 ඔක්තෝබර් 4 වැනිදා නවතම ජාතික පුවත්පත වූ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇරඹුණේ ශ‍්‍රී ලාංකික මුද්‍රිත මාධ්‍ය සම්ප‍්‍රදායේ නව පුනරුදයක ඇරඹුම ජාතියට දායාද කරමිනි. එතැන් සිට දශක හතරක් මුළුල්ලේ ඉරිදා දිවයින සංග‍්‍රහය මෙරට මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ සුවිශේෂී මුද්‍රාවන් රැුසක් තබන්නට සමත් වූ පුවත්පතක් ලෙස අවිවාදයෙන් පිළිගත යුතුය. තමන් විශ්වාස කළ දර්ශනය මත පිහිටා, මෙරට පාඨක ලෝකය තුළ තමන්ටම අනන්‍ය වූ නමක් දිනාගන්නට දිවයින ඉරිදා සංග‍්‍රහය සමත් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. එය එසේ නොවූවා නම් දශක හතරක් තිස්සේ මෙවන් ගමනක් කිසිදු පුවත්පතකට පැමිණීමට හැකි වන්නේ නැත.

 දිවයින පුවත්පත භාෂාව පිළිබඳව මහත් අභිරුචියකින් කටයුතු කළ පුවත්පතක් බව අප දන්නා සත්‍යයයි. පුවත්පතේ පදනම භාෂාවය. රචකයාට තම අදහස පාඨකයා වෙත කියාපෑමට ඇති ප‍්‍රබලතම සාධකය වන්නේද භාෂාවයි. එනිසා පුවත්පතක භාෂාව සුවිශේෂ වේ. එය වඩාත් නවතාවයකින් ඉදිරිපත් කළ පුවත්පතක් ලෙස දිවයින හඳුන්වා දිය හැක. ඉරිදා දිවයින සංග‍්‍රහය පිළිබඳව බොහෝ විට අපට සිහිපත් වන්නේ ඉතිහාසය තුළ එය අවිiාවට එරෙහිව අරගල කළ අයුරුයි. එමෙන්ම සාහිත්‍ය කලාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන් දිවයින කෙරෙහි වඩාත් අභිරුචියකින් සමීප වූහ.

 කතුවැකිය යනු පුවත්පතේ අනන්‍යතාව ප‍්‍රකට කරන ලේඛනය වන අතර දිවයින ඉරිදා සංග‍්‍රහයේත් දිනපතා දිවයිනේත් කතුවැකිය සුවිශේෂී සලකුණු තබා ඇති බව මේ මොහොතේ සිහිපත් කළ යුතුය. දිවයින තුළින් මෙරට මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට බිහි වූ මාධ්‍යවේදීන් ප‍්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. දිවයිනට පසු බිහි වූ බොහෝ පුවත්පත් තුළ කුසලතාවයක් පෑ මාධ්‍යවේදීන් බොහොමයකගේම තිඹිරිගෙය වූයේ දිවයිනය.

 ‘‘ඔබට නිවැරදි යැයි සිතෙන දේ කරන්න.’’යැයි මාර්ක් ට්වේන් වරක් පවසා තිබේ. මාධ්‍ය සම්බන්ධයෙන් මේ ප‍්‍රකාශය අතිශයින් සමීප ය.

 මාධ්‍ය සතු වගකීම සම්බන්ධයෙන් බොහෝ මතවාද කරළියට පැමිණෙමින් තිබේ. විශේෂයෙන්ම සෙසු සියලූ මාධ්‍යයන් අභිබවමින් සහ, ඒවාට තරගයක් දෙමින් පෙරට පැමිණ ඇති සමාජ මාධ්‍ය අද වන විට ලෝකය සියතට ගැනීමට සමත් වී තිබේ.

 එවන් තත්ත්වයක් තුළ සම්ප‍්‍රදායික මාධ්‍යන්ට මුහුණ දීමට සිදුව ඇත්තේත්, කටයුතු කිරීමට සිදුව ඇත්තේත් අභියෝගාත්මක වපසරියක් මැදය. පුවත්පත් අරභයාද එය අදාළය.

 මාධ්‍ය නිදහස යනු රටේ ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති සියලූ පුරවැසියන්ගේ ප‍්‍රකාශන නිදහසේම දිගුවකි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතා වැදගත් නිසා මහත් උනන්දුවෙන් රැුක ගත යුතු බව සත්‍යයකි.

 මාධ්‍යයට ආචාරධර්ම පැනවීම් සහ, වාරණ පැනවීම සම්බන්ධව විවිධ අවස්ථාවල කරළියට එන කතා පිළිබඳව අප තුළ ඇත්තේ වෙනස් මතයකි. කිසිවෙකු කිසි විටෙක මාධ්‍යයට වාරණ පැනවීම නොකළ යුතු යැයි අප විශ්වාස කරන අතර සෑම මාධ්‍යයකටම ස්වයං වාරණයක් තිබිය යුතු යැයි අප දැඩිව විශ්වාසය කරමු.

 එය වගකීම් සහගතව සිදු කිරීමත් ඒ ඒ මාධ්‍ය අංශ සතු වගකීමකි. අයිතියකි.

 කෙසේ වෙතත් ඕනෑම මාධ්‍යයකට තමන් කළ කී දෑ පිළිබඳව හෘද සාක්‍ෂියකට එක`ගව, තෘප්තියට පත්විය හැකි නම් එය ඒ මාධ්‍ය ඉටු කළ භූමිකාව සම්බන්ධයෙන් ඇති හොඳම සහතිකයයි.

 දිවයින ඉරිදා සංග‍්‍රහය දශක හතරක් මුළුල්ලේ කළ කාර්යභාරය පිළිබඳව අප තුළ දැඩි ඇගයීමක් ඇති අතර එය පුවත්පත මෙරට පුවත්පත් ඉතිහාසය තුළ තමන්ට අනන්‍ය වූ බොහෝ මංසලකුණු සටහන් කොට ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමි.

 සුපසන් මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් දශක හතරක් මුළුල්ලේ කළ කැප කිරීමට අපගේ උත්තමාචාරය දිවයින ඉරිදා සංග‍්‍රහයට හිමි වන අතර, තවත් චිරාත් කාලයක් මුළුල්ලේ ස්වකීය අදීන මාධ්‍යමය භූමිකාව වගකීම් සහගතවත්, ප‍්‍රශස්තවත්, මානවවාදී ලෙසත් ඉටු කිරීමේ ශක්තිය ප‍්‍රාර්ථනා කරමි.

 එදා මෙදාතුර දිවයින ගොඩනැ`ගීම වෙනුවෙන් කැපවූ, එහි සිටි සහ සිටින සියලූ කර්තෘවරුන්, මාධ්‍යවේදීන්, ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, මෙන්ම ඒ වෙනුවෙන් ස්වකීය සහයෝගය ලබා දෙන කළමනාකාරීත්වයට අපගේ උණුසුම් සුභාශිංසන පිරිනමමු.

සජිත් පේ‍්‍රමදාස
 විපක්‍ෂ නායක



ශ‍්‍රී ලංකාව දිවයිනකි. දිවයින ද ශ‍්‍රී ලංකාවකි

මාධ්‍යවේදීන්ගේ තිඹිරිගෙය දිවයින

ශ‍්‍රී ලංකාව දිවයිනකි. දිවයිනද ශ‍්‍රී ලංකාවකි. දිවයින නමැති ශ‍්‍රී ලංකාවේ අහස සැරි සැරූ උකුස්සකු දෙස අප බලා සිටියේ අටවන පිටුවේ සිටය. ඒ 80 දශකයේ මුල් කාලයේය. නැවුම් නිර්මාණශීලී පුවත්පත් කලාවක් නව ලොව නව තාක්ෂණය හා මුසුව පෙරදිග දිවයිනක පත්තර පිටු අතරට රැුගෙන ආවේ ඒ දිවයිනේ සිටය. ඕෆ්සෙට් මුද්‍රණයෙන් හැඩවූ සුහුරු පරිගණක අකුරු හා රූ රටා ශ‍්‍රී ලාංකීය පුවත්පත් පාඨකයන්ට සොඳුරු ආගන්තුක සත්කාරයක්ම විය. හුදු ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙන් කොටු නොවූ ඒ දිවයිනේ පිටු, මේ දිවයිනේ පුවත්පත් කලාවේ දිග පළල වැඩි කළේය. අග‍්‍රගණ්‍ය ශිෂ්ටාචාරයකින් ගලා එන සංස්කෘතික සභ්‍යත්වයක නොසැලෙන රැුකවලා වෙමින් දිවයින ඉරිදා සංග‍්‍රහය, දිවයිනක් වූ ශ‍්‍රී ලංකාව ලෝකයට යා කළේය. ඒ රටක අභිමානයද සමගය. අන්තර්ජාලය පමණක් නොව විද්‍යුත් මාධ්‍ය පවා ඉතා සීමිත වූ යුගයක දිවයිනක ‘‘මාධ්‍ය බර” දිවයින ඉරිදා සංග‍්‍රහය දරා සිටියේ ශ‍්‍රී ලාංකීය පුවත්පත් පාඨකයන්ගේ විශ්වාසනීය ‘‘පත්තර සගයා” වෙමිනි.

 දිවයිනේ ‘‘ලොකුකම”, ‘‘අපේකම” යැයි මට සිතෙන්නේ කුමන තත්ත්වයක් අභිමුව වුවත් හුදු වෙළෙඳපොළ ඉලක්ක කරගත් ‘‘පත්තර බිස්නස්” එකකට ඔවුන් අවතීර්ණ නොවන බැවිනි. ලක්මව බිහිකළ අග‍්‍රගන්‍ය දේශීය ව්‍යාපාරිකයා වූ උපාලි විජයවර්ධනයන් සතු වූ ‘‘පොහොසත් හදවත” ඒ නිර්භීතකමට ජීවය ගෙනදුන් බව මගේ විශ්වාසයයි. එදා සිටම දිවයින සටන වූයේ ‘‘ඉල්ලූමට අනුව සැපයුම” වෙනුවට සරිලන දේ ඉල්ලන දේ බවට පරිණාමය කිරීමයි. ශ‍්‍රී ලංකාව බිහිකළ අසහාය පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන්, තීරු ලිපි රචකයන්, චිත‍්‍ර හා කාටූන් ශිල්පීන් ඇතුළු ඉහළ වෘත්තීයවේදීන් සමූහයක් ඒ දිවයිනේ ‘‘ගෞරවනීය පුරවැසියන්” වෙමින් පණදුන් ඒ සටන අද ද ‘‘මානුෂීය මෙහෙවරක්”ව ඉදිරියට යන අයුරු ආශ්වාදජනකය. ගෙවී ගිය මෑත ඉතිහාසයේ දිවයිනක් ලෙස අප මුහුණ දුන් සෑම ජාතික අභියෝගයකදීම දිවයින ඉරිදා සංග‍්‍රහය නියෝජනය කළේ සැබෑ පොදුජන අභිලාෂයයි. රටේ ආරක්ෂාවයි. ජාතික පුවත්පතක සැබෑ ජාතික මෙහෙවරයි. දිවයින ඒ සඳහා ‘‘ගෙවන මිල” කිසි විටෙක රටට හෝ පාඨකයාට බරක් නොවීය. දස දහස් ගණන් තරුණ ජීවිත මතින් ගැලූ ලේ සුවඳ නොමැකී තිබූ 90 දශකයේ මුල් භාගයේ මරණයේ අඳුරු සෙවනැලි මැද විකල්ප පත්තරකාරයන් වූ අපට එදා දිවයින ඉරිදා සංග‍්‍රහය විශ්වාසවන්ත නෑදෑයෙකු, සොහොයුරෙකු හා සගයෙකු විය. අපේ ‘‘ජීවන සුවඳ” වූ ‘‘පත්තර සුවඳ” මුසුව අදත් දිවයිනෙන් හමා එන්නේ අතීත සටන් මැදින් අනාගතය කරා ඇදී යන නිදහසේ ප‍්‍රාණ වායුවම බව මට සිතේ. ශ‍්‍රී ලංකාව දිවයිනක් මෙන්ම, දිවයිනද ශ‍්‍රී ලංකාවක් යැයි මා කියන්නේ එබැවිනි.

 දිවයිනට දීර්ඝායු වේවා!

ඩලස් අලහප්පෙරුම
 ජනමාධ්‍ය අමාත්‍ය
 

advertistmentadvertistment
advertistmentadvertistment