මානසික රෝග ඇතිවීම

2566

මානසික රෝගයක් යනු, අපට වැළදෙන අනෙකුත් කායික රෝගයන් මෙන්ම සමාජයේ සෑම කෙනකුටම වැළදිය හැකි රෝගී තත්ත්වයකි. නමුත් යම් යම් හේතු කාරක නිසා කෙනකුට මානසික රෝගයක් ඇතිවීමේ අවදානම තවත් කෙනකුට වඩා අඩු හෝ වැඩි විය හැකිය. උදාහරණයක් ලෙස ජානමය සාධක නිසා තම පරම්පරාවේ කෙනකුට මානසික රෝගයක් වැළදීමේ අවදානම ඔහු හෝ ඇය පාරම්පරිකව උරුම කරගත් සාධකයක් වනු ඇත. එමෙන්ම ගර්භණී සමය තුළ මවට වැළඳෙන යම්, යම් රෝගී තත්ත්වයන් නිසා ඇයට ඖෂධ භාවිත කිරීමට සිදුවූවොත් ඒ හරහා කලලයට ඇතිවන බලපෑමෙන්ද මවගේ මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්වන පාරසරික සාධකත් (කලහකාරී පරිසරයකට නිරාවරණය වීම, තැවීම, නිරන්තරයෙන් අඩදබර වලට මුහුණ දී ජීවත් වීමට සිදුවීම වැනි * යම් කිසි කෙනකුට මානසික රෝගයක් වැළදීමේ අවදානම වැඩි කරන්නට පුළුවන. ඒ වගේම දරු උපතේදී ඇතිවන සංකූලතා සහ ළමා කාලයේ අත්විඳින කාංසාජනක අත්දැකීම්, කායිකව සහ මානසිකව ලක්වන්නාවූ හිරිහැරයන් සහ ලිංගික අපයෝජනයන්ද කෙනකුගේ මානසික සෞඛ්‍ය පිරිහීමට සහ පෞරුෂ ආබාධ ඇතිවීමට බලපාන හේතු සාධක අතර ප‍්‍රධාන තැනක් ගනී. ඒ වාගේම අප දේශීය වෛද්‍ය ක‍්‍රමය අනුව ශාරීරිකව ඇතිවන්නා වූ විවිධ හේතු සාධක උදාහරණයක් ලෙස ශරීරයේ තුන් දොස්වල අසමතුලිතතාවන් සහ මානසික දෝෂයන්හි ඇතිවන අසමතුලිතතාවනුත් මානසික රෝග ඇතිවීමේ හේතු සාධක ලෙස දේශීය වෛද්‍ය ක‍්‍රමය අනුව ගෙනහැර දක්වා තිබේ. එමෙන්ම බුදු දහමට අනුව තමා කළ කර්ම ශක්ති හේතුවෙන් මානසික රෝග ඇතිවන අතර ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල මූලයන්හි වර්ධනය වීමත් කෙනකු තුළ මානසික රෝග ඇති කරණ මානසික රෝග කාරක හැටියට බුදු දහම ගෙනහැර දක්වා තිබේ. රෝග නිධානය කෙසේ වුවත් ඒ සඳහා කරණ ප‍්‍රතිකාර ක‍්‍රම 22 ක වර්ගීකරණයක් පාරම්පරික දේශීය මානසික රෝග යටතේ දක්නට ලැබේ. මෙම මානසික රෝග අතර අවුරුදු එකක කාල වකවානුවකදී වැඩි දියුණු වන මානසික රෝග අප මානසික රෝග චිකිත්සාව තුළ කතාබහට ලක් වී තිබේ. විශේෂයෙන් වසරේ උෂ්ණ සෘතුව ලෙස සලකන ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා අතර කාලය තුළදී වැඩි වශයෙන් සායන තුළට පැමිණෙන රෝගීන් මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන බව අප ප‍්‍රායෝගිකව අත්විඳ තිබේ. එම මානසික රෝග පිත්තෝන්මාදය ලෙසත් මෙහි තවත් අනු ඛණ්ඩයක් ලෙස රක්තපිත්තෝන්මාදයත් වශයෙන් අප දේශීය ලේඛන වල විස්තර කර දක්වා තිබේ. මෙම රෝගී තත්ත්වයේදී රෝගියා ඉතාම නොසන්සුන් වෙන්නට පුළුවන. කලහකාරී වෙන්නට පුළුවන. ඇස්වල රත් පැහැය වැඩිවෙන්නට පුළුවන. භයංකාර ස්වභාවයක් පිළිබිඹු වෙන්නට පුළුවන. රෝගියා දුවන, දගලන, කෑ මොර දෙන උන්මාදනීය තත්ත්වයකට පත්වෙන්නට පුළුවන. සමහර විට මොවුන් මෙල්ල කරන්නට බැරිව අත පය බැද මොවුන්ගේ භාරකරුවන් රැුගෙන එන අවස්ථා බොහෝය. මෙම රෝගී තත්ත්වය සුව වීමේ සම්භාවිතාව ගතහොත් එය ඉතා ඉක්මණින් දේශීය ප‍්‍රතිකාර වලට ප‍්‍රතිචාර දක්වන රෝගී තත්ත්වයකි. සමහර වෙලාවට මේ රෝගී තත්ත්වය ගමේ ගොඬේ හඳුුන්වන්නේ ‘‘රත්තයා ඉහට ගහලා’’ යනුවෙනිි. අප ආයුර්වේදයේදී පරිසර බලපෑම, සෘතු බලපෑම සහ රෝග අතර තිබෙන ඉතාම දැඩි සමීපතාව අවධාරණයෙන් සැලකිල්ලට භාජනය කරණු ලබයි. පරිසරයේ ඇතිවන උණුසුම් දේශගුණය ශරීරයේ තුන්දොස් වලට ඇතිකරණ බලපෑම හේතුවෙන් එම සෘතූන්ට අනුකූලව සුදුසු, නුසුදුසු ආහාර ගැන සැලකිලි නොවීමත් නිසා මෙම පිත්තෝන්මාදය රෝගය ඇති වෙන්නට පුළුවන. උදාහරණයක් ලෙස ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, සැමන්, සාඩින් වැනි උෂ්ණාධික ආහාර මෙම රෝගයට ඉතාම අහිතකරය. මේ සඳහා අප යොද ගන්නා චිකිත්සාවේදී සිසිල් ගුණයෙන් යුතු කසාය වර්ග, ගැල්වුම් වර්ග බෙහෙත් වශයෙන් යොදා ගනු ලැබේ. මෙහිදී රෝගියාගේ භාරකරුවන් පත්වන ඉතා බරපතල ගැටලූව නම් මෙවැනි රෝගීන් පාලනය කර ගැනීමේ අපහසුුුුුවයි. මක්නිසාද යත් ඉහත ආකාරයට මෙම රෝගී තත්ත්වයේදී ඉතාම නොසන්සුන් වන රෝගීන්, කලබලයට පත්වන රෝගීන් නිසා රෝගියාට සහ ඒ වටා සිටින අනිත් අයටත් අනතුරුදායක තත්ත්වයන් ඇති වෙන්නට ඉඩ තිබෙන නිසාවෙනි. ඒ නිසාම මෙවැනි තත්ත්වයට පත් වූ රෝගියකු පාලනය කර ගැනීමේදී පීඩාකාරී තත්ත්වයකට පත්වෙන්නට පුළුවන. මෙවැනි වූ රෝගීන් සඳහා මෙම තත්ත්වය පාලනය කර ගැනීමට යොදා ගන්නා විවිධ නිල ස්ථාන අප ශරීරය තුළ පිහිටා තිබේ.

 නිල තෙරපුම අවස්ථාවේදී අප පාරම්මපරික ක‍්‍රමය අනුව රෝගියාටගේ බොලට වටා විශේෂිත වූ දම්වැලක් භාවිත කරනු ලැබේ. කෙනකුට බාහිරින් බැලූ බැල්මට පේන්නේ මේ තුළ යම් අමානුෂික තත්ත්වයක් තිබෙන බවකි, කෲර ත්ත්වයක් තිබෙන ආකාරයකි. නමුත් අප රෝගීන් මෙල්ල කිරීමට මෙම බොලට වටා දමන දම්වැල තුළින් බලාපොරොත්තු වන්නේ රෝගියාගේ තැන්පත් බවකි. සමනකාරී ගුණයෙන් යුත් ප‍්‍රධාන නිල කිහිපයක්ම මෙම බොලට වටා පිහිටීම හේතුවෙන් එම දම්වැලෙන්්්්්් ඇතිවන පීඩනයෙන් නිල තෙරපීම තුළින් එම රෝගියා පත්වී සිටින අධිවේගී අධිකි‍්‍රයාකාරී නොසන්සුන් තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් තිබේ. මෙම ක‍්‍රියාවලිය අප පාරම්පරික පුස්කොළ පොත්වල පවා සඳහන් කර තිබේ.

 මේ අවස්ථාවේදී අභ්‍යන්තර ඖෂධ රෝගීන්ට ලබාදීම තරමක් අපහසු කාරණාවක් වන නිසාවෙන් නිල තෙරපුම මගින් සහ බාහිරව යොදන තෙල් ගැල්වීම් සහ විවිධ ක්ෂීරෝධාරා වැනි විවිධ ධාරා යොදා ගනිමින් රෝගීන් පාලනය කර ගැනීමේ ක‍්‍රම වේදයන් දේශීය පාරම්පරික මානසික රෝග වෙදකම සතුය. රෝගීන් යම් මට්ටමකට පාලනය කර ගත් පසු අභ්‍යන්තර ඖෂධ, කසාය, ගුලි, කල්ක වැනි දේ යොදා ගැනීමට පටන් ගනු ලැබේ. ඉන්පසු නස්‍ය, හිස ගැල්වුම් වැනි ප‍්‍රතිකාර වලට යොමු වේ.

 කෙසේ වෙතත්  මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ රෝගයේ තීව‍්‍ර අවස්ථාවට යෑමට පෙර පුද්ගලයා තුළින් පිළිබිඹු නවන්නාවූ හැසිරීමේ වෙසනස්කම් මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමයි. එවිට රෝගියාට ඇතිවන අනිසි අතුරුපල බොහෝ දුරට අපිට විසදා ගැනීමට හැකියාවක් ලැබේ. මේ සඳහා මත් පැන් වල තිබෙන බලපෑම ඉතාම භයංකාරය. මේ පිළිබඳ ද සමාජය දැන සිටීම ඉතා වැදගත්ය.

මානසික රෝග ඇතිවීම

advertistmentadvertistment
advertistmentadvertistment