මින්නේරිය පොලිස් වසමට අයත් රොටවැව ගල්ඔය හන්දිය ප්‍රදේශයේදී පෙරේදා (26දා) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකදී 27 හැවිරිදි එක්දරු පියෙකු මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ රොටවැව, ගල්ඔය හන්දිය අංක 33/3 ලිපිනයේ පදිංචිව සිටි වනසිංහ මුදියන්සේලාගේ සම්පත් කුමාර නොහොත් සංජු යන අයෙකි.
මෙම පුද්ගල ඝාතනය සම්බන්‍ධයෙන් මරණකරුගේ බිරි`ඳගේ පියා (මාමා) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාමා සහ බෑණා යන දෙදෙනා අතර පැවැති ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන මෙරට සාදන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මින්නේරිය පොලීසිය මේ පිළිබ`ඳ පරීක්‍ෂණ පවත්වයි.
කරුණාරත්න ගමගේ, අතුල සූරියබණ්ඩාර හිඟුරක්ගොඩ