මාර්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (12දා) දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මේ අනුව රු. 12,597,695,000ක මුදලක් 1,732,263න් දෙනකු වෙනුවෙන් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවත් ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අද (12දා) දින සිට එම මුදල් තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත