උතුරුමැද පළාතේ ස්ථාන මාරු කළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරදෙනකු එම ස්ථාන මාරු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හතර දෙනාම ඊයේ (26) දින සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මි හේවාපතිරණ මහත්මිය පියවර ගෙන ඇත.
මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ උතුරුමැද පළාතේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, හිඟුරක්ගොඩ යන කලාපවල කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හතර දෙනාය.
උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ආවරණය අනුමැතියට යටත්ව මෙම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අනිවාර්ය නිවාඩු යැවීම සිදු කර තිබේ. ඉදිරියේ දී චෝදනා පත්‍රයක් ලබා දීමට නියමිතය.
නොචිචියාගම- එම්. එම්. පී. ජී. පෙරේරා