ඊජිප්තුවේ පැවැත්වෙන පරිසර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාලදිවයින කථානායක නෂීඩ් අහමඩ් මහතා සහභාගීවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇතැයි සමගි ජන බල මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ශ්‍රී ලංකාව ස්වෙරීය රාජ්‍යයක් බවත් ඒ අනුව වෙනත් රටක නියෝජිතයෙක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගැන වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස ආණුඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය කිසිවක් ප්‍රකාශ කළේ නැත.