නාල්ල පොලිස් වසමේ මාලදෙණිය ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව මිනිස් ඝාතනයට සම්බන්ධ සැකකරු ඉතා කෙටි වේලාවක් තුළ අත්අඩංගුවට ගත් නාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනාට පොලිස් ත්‍යාග පිරිනැමීම ඊයේ (21දා) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
මෙම ත්‍යාග හා මුදල් පිරිනැමීම ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් පැවිත්විණි.
මෙලෙස අදාළ ඝාතකයා අත්අඩංගුවට ගත් නිලධාරීන් සඳහා රුපියල් ලක්‍ෂ 14ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලින් ලබාදීමට අනුමත කර ඇති අතර, එහි පළමු අදියර වශයෙන් රුපියල් ලක්‍ෂ 7ක මුදලක් පොලිස් සැරයන් එස්. පී. එස්. පතිරණ (33008), පොලිස් සැරයන් එම්. පී. චන්ද්‍රසිරි (55461), පොලිස් කොස්තාපල් කේ. එම්. එස්. යූ. කේ. සේනාධීර (81112) යන නිලධාරීන් තිදෙනාට මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා අතින් පිරිනැමීම සිදුකළ අතර, මෙම නිලධාරීන් මෙහෙයවමින් අධීක්‍ෂණ කටයුතු සිදුකළ නාල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එච්. එම්. ඩී. උපාලි හේරත් මහතාට පොලිස්පති ප්‍රශංසාවක් ලබාදී ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්