අනුර කුමාර දිසානායක අනුරාධපුරයේදී කියයි
ජාතික සමගිය පිළිබඳ තිබෙන ජනතා ප්‍රාර්ථනය මාලිමා ආණ්ඩුවක් තුළ ඉටුකරනවා
මාලිමා ඡන්ද ව්‍යාපාරය තිබෙන්නෙ පොදු ජනතාවගේ අතේ
මේ පාර සැබෑ වෙනසක් නොවුණොත් රටට යන එන මං නැති වෙනවා
කමල් අද්දරආරච්චි
රටේ ඇන කොටා ගැනීම් අවසන්වීම සහ එක්සත් භාවයක් පිළිබඳව ජාතික සමගිය පිළිබඳව සියවස් ගණනක් පුරා මේ රටේ ජනතාව තුළ තිබූ ප්‍රාර්ථනය ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විසින් ලබන විසි එක් වෙනිදායින් පසු ඉටුකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් අවසන් විජයග්‍රාහී ජන රැලියට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
විශාල පිරිසක් සහභාගී වූ මෙම රැලිය පෙරේදා (14 දා) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
“අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ජාතික ජනබලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන දෙන එක බොහොම පැහැදිලියි. මේ ජන්ද ව්‍යාපාරය ඉතාමත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ජන්ද ව්‍යාපාරයක්. අනිකුත් අය ජන්ද රැස්වීම් පැවැත්වීමට කටයුතු සංවිධානයකොට පසුව කල්දානවා. අපි රැස්වීමක් තිබ්බට පස්සෙ ඒ අයගෙ රැස්වීම් තියෙනව.
අපි පසුගිය දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක රැස්වීම් පවත්වා පසුව අනුරාධපුරේ ජාතික රැලිය අද මේ පවත්වන්නෙ. අපි විධිමත්ව අපේ මැතිවරණ ව්‍යාපාරය දියත් කර තිබෙනවා. මේ ජන්ද ව්‍යාපාරය අවසන් අදියරට එනවිට අපේ රටේ පොදු ජනතාවගේ අතට ගත් ජන්ද ව්‍යාපාරයක් බවට අද වනවිට ජාතික ජනබලවේගයේ ජන්ද ව්‍යාපාරය පත්ව තිබෙනව.
එමනිසා මේ ඡන්ද ව්‍යාපාරය පොදු ජනතාවගේ ඡන්ද ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඔබ දැන් රැස්වීමට සහභාගී වී සිටියට වැඩේ තියෙන්නෙ ලබන සෙනසුරාදාට. සෙනසුරාදා වන තුරු ඔබ නිකං ඉන්නවද. නැවත නැවත කතා කරනව. හම්බ වෙන හම්බවෙන කෙනාව දැනුම්වත් කරනව. නැවත නැවත කතා කර වෙනස් කර ගැනීමට නොහැකි වූ කෙනා වෙනස් කර ගැනීම සඳහා ප්රයත්න දරනව. එමනිසා මේ ඡන්ද ව්‍යාපාරය පොදු ජනතාවගේ අතට ගත් ජන්ද ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.
මේ ජන්ද ව්‍යාපාරය අද ජනතාවගේ අතේ තියෙන ජන්ද ව්‍යාපාරයක්. අද ත්‍රීවිල් එකකට කෙනෙක් නැග්ගොත් ත්‍රීවීල් එකේ රියැදුරු මහත්තයා මුලින්ම අහනව කොහාටද යන්නෙ කියල. ත්‍රීවිල් එකෙන් බහින කොට ඔහු කියනව මාලිමාවට හොඳේ කියල. අද කෙනෙක් කඩේකට ගියත් එහෙමයි.
බඩු ගන්න කඩේට ගියාම මුදලාලි මහත්තයා කියනව බඩු ගණන් වගේ කියල. වෙනසකුත් ඕන නේද කියා අහල මේ සැරේ මාලිමාවට දෙමු නේද කියා කඩේ මුදලාලි කියනව. කියන්නෙ නැද්ද. එහෙමයි මේ ජන්ද ව්‍යාපාරය තියෙන්නෙ.
ලංකාවෙ පළමුවරට මේ රටේ ජන්ද ව්‍යාපාරය පොදු ජනතාවගේ අතට ගත් ව්‍යාපාරයක් බවට පත්වී තියෙනව.
මීට පෙර ජන්ද ව්‍යාපාර කළේ කොහොමද? ඒ ගොල්ලො එන්න කියනව කන්න දෙනව. බොන්න දෙනව. රුපියල් පන්දාහක් දෙනව කැන්වසින් යන්න කියනව. වැසිකිළි පෝච්චියක් දෙනව ජන්දෙ දෙන්න කියනව.
දැන් ඒවා ඔක්කොම අවසන්. දැන් මොකද වෙලා තියෙන්නෙ. මේ ජන්ද ව්‍යාපාරය ජාතික ජනබලවේගය අතට ගත්තු මහා ජනතා ව්‍යාපාරයක් බවට පත්වෙලා අවසන්. ජනතාව උනන්දුවෙන් බලා සිටින ඡන්ද ප්‍රතිපලය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද ප්‍රතිපලය. ඓතිහාසික ජයග්‍රහණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයට දිනා දෙන බව හරි පැහැදිලියි.
දැනුත් රනිල් වික්‍රමසිංහල සජිත් ප්‍රේමදාසල මේක නතර කරන්න පුළුවන්ද කියල විවිධ දේවල් බලමින් ඉන්නව. ඒ නිසා ඉදිරි සතියේ අවලාද අසත්‍ය ගැටුම්කාරී මනෝභාවයන් සමාජයේ නිර්මාණය කිරීම සඳහා ප්රයත්න දරනව. හැබැයි රනිල්ට සජිත්ට කියන්න තියෙන්නෙ දැන් පරක්කු වැඩියි. ටූ ලේට් කියල.
ඒ නිසා මේ ජයග්‍රහණය නතර කිරීමට බෑ. දැන් ලංකාවෙ පළමුවරට යළි ජාතික පිබිදීමක්, ජාතික නැගිටීමක් සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් සහ මැලේ යන සියලු දෙනා එක කොඩියක් යටතේ හදන ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා පසුබිම හැදිල තියෙනව.
අපේ දේශපාලන ව්‍යාපාරය සෑම ආගමකටම ගරු කරන ව්‍යාපාරයක්. දැන් මොකද වෙලා තියෙන්නෙ ජාතිවාදී කඳවුරු දෙපැත්තෙන්. හැබැයි සජිත් නම් මරු මිනිහා. එයා ළඟ එක එක බඩු ඉන්නව. චම්පිකත් ඉන්නව. රිෂාඩ් බදියුදීනුත් ඉන්නව. පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවොත් ඉන්නව. එහා පැත්තෙන් රිෂාඩ් බද්යුදීනුත් ඉන්නව. තිලංග සුමතිපාලත් ඉන්නව. අර්ජුන රණතුංගත් ඉන්නව.
අපේ එහෙම නොවෙයි උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් එකම කතාව කියන දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජනබලවේගයේ දේශපාලන ව්‍යාපාරය.
මේ රටේ ඇන කොටා ගැනීම් අවසන්වීම පිළිබඳව මේ රටේ එක්සත් භාවයක් පිළිබඳව මේ රටේ ජාතික සමගිය පිළිබඳව සියවස් ගණනක් මේ රටේ තිබූ ප්‍රාර්ථනය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් ලබන විසිඑක් වෙනිදායින් පසු ඉටු කරනවා.
හැබැයි ඔවුන් විවිධ කුමන්ත්‍රණ කරයි. ගල් කැටයක්වත් අතට ගන්න එපා. උපරිම සාමය රකින්න. පාර මාරුවන විට කහ ඉරෙන් නැතිව පාර මාරුවෙන්න වත් එපා. මේ දවස්වල ප්‍රවේශම් වන්න. සාමකාමී වන්න. මේ ජයග්‍රහණය හරියට ගමු.
ජයග්රහණයෙන් පස්සෙ මේ රටේ අලුත් සංස්කෘතියක් උගන්වමු කොහොමද දිනල ජයග්‍රහණය සමරන්නෙ කියල. අනෙකාට නිය තුඩකින් හානියක් වෙන්න නොදී එකිනෙකාගේ ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් අනෙකාට දේශපාලන ව්‍යාපාරයකට වැඩ කිරීමට තියෙන අයිතියට ගරු කරමින් ජයග්‍රහණය සමරන්නෙ කොහොමද කියල අත්දැකීමකුත් මේ රටට ඕනෙ.
අන්න ඒ වෙනස ඇති කර දෙන්නෙත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විසින් තමයි. අපේ ආණ්ඩුවක් බලයට පත්වන තුරු ගොඩක් අය බලා සිටිනව.
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි මහතා – මේ පාර සැබෑ වෙනසක් ඇති නොවුණොත් අපට යන එනමං නැතිව යනව. සමහර අය කියනව මේ අයට බලයට ඇවිත් වැඩක් කරන්න පුළුවන්ද කියල. මට හිතෙනවා මේ රට මෙච්චර කලක් පාලනය කරපු උන් හරියට කළාද කියල. සත්පුරුෂ ගති ඇති මිනිසුන්ට තමයි ඒ දුක දැනෙන්නෙ. ඒ දුක හඳුනන මිනිහෙක් තමයි අද අනුරාධපුරෙන් ඔබේ ජන්දය ඉල්ලන්න ඇවිත් ඉන්නෙ. අපි සමෘද්ධිමත් රටක් ගොඩ නඟන්න. අපට හිතෛෂී බුද්ධිමත් පිරිසක් සමග ඒ ගමන යමු. රට අනුරට අනුර කුමාර දිසානායක නියත වශයෙන්ම ජනාධිපති කර මේ රටේ ජනතාවගේ ශක්තිය ප්‍රදර්ශනය කරන්න.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ – රංග චතූ