මාලිමා ලැයිස්තුවේ අලුත් මුහුණු පිපෙයි

15616

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, ශිෂ්‍ය නායකයින් හා ගොවි නායකයින් ඇතුළු අලුත් මුහුණු රැසක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බැව් ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි.

මොවුන් දිගු කාලයක් දේශපාලන කටයුතුවල නිරතව සිටිය ද ප්‍රසිද්ධ තලයට නොපැමිණි අය බව ද හෙතෙම කියයි. 1948න් පසු මෙරට දේශපාලන ඉතිහාසයේ පිය පුතුවරුන් නොමැති, වලව් පැලැන්තියේ අය සහ ජාවාරම්කරුවන් නොමැති ඉතා බුද්ධිමත් කණ්ඩායමකට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරවීමට ජාතික ජනබලවේගය මගින් නාමයෝජනා ලබාදීමට සැලසුම් කර ඇති බව ද නලින් හේවගේ මහතා සඳහන් කළේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමට ඡන්දදායකයින්ට අවස්ථාව උදා වී ඇති බව සඳහන් කළ නලින් හේවගේ මහතා මනාප පොරයකින් තොරව එක් කණ්ඩායමක් ලෙස ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් මැතිවරණයට තරග කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද


advertistmentadvertistment