මාලු අරන් බලන කොට  බඩු මල්ල නෑ

716

ඉතාමත් අමාරුවෙන් මිලදී ගත් ආහාර ද්‍රව්‍ය මල්ලක් මාලු මිලදී ගැනීමට බිම තැබූ අවස්ථාවේ දී සොරකම් කර ඇති බව කතරගම වල්ලිමාතාගම තිදෙරු මවක් පැවසුවාය.

නම සඳහන් කිරීමට අකමැති ⁣මෙම කාන්තාව පැවසුවේ සහල් කිලේ01ක්, සීනී 250ක් සහ කරවල ග්‍රෑම්200ක් සහ දරුවන්ට කෑමට ගත් බිස්කට් පැකට් 01ක් මෙහි තිබුණු බව පැවසූ මෙම කාන්තාව කතරගම නගරයේදී මාලු රැගෙන ගිය යතුරු පැදියක් නතර කර මාලු මිලදී ගෙන තමන් බිම තැබූ බෑගය සොයා බැලීමේදී එය අතුරුදහන් වී තිබේ. අතේ තිබූ මුදලින් ගත් බඩු මල්ල නොමැතිව මාලු පමණක් රැගෙන තමන්ට නිවසට පැමිණීමට සිදු වූ බව සිද්ධියට මුහුණ දුන් කාන්තා ව පැවසීය. කතරගම ජීවත් වන ජනයාගෙන් සියයට අනූවක් වන්දනා බැතිමතුනගෙන් දිවි ⁣ගෙවන අතර මේ වන විට විවිධ වූ පිරිස් අසරණ ජනයාගේ විවිධ වූ ද්‍රව්‍ය භාණ්ඩ සොරකම් කරමින් පසුවේ.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය


advertistmentadvertistment