මතුගම නගරයේ කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලය (23 දා) සවස කඩාගන ගොස් ඇත. එම මාලය සොරා විසින් ගිල දමා ඇත. 32 හැවිරිදි පුද්ගලයකු වන සොරාගේ උදරයේ තිබෙන මාලය ගැනිමට විරේක ලබාදී රඳවා තබා ගැනීමට මතුගම මුලස්ථාන පොලිසියට සිදුව තිබේ.
මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි ඇය මතුගම නගරයේ ස්වයං රැකියාවක නිරත කාන්තාවක් වන අතර ඊයේ සවස සේවය නිමවා නිවසට යෑමට බස් රථයක් වෙත යමින් සිටියදී පසු පසින් පැමිණි අයෙකු රන් මාලය කඩාගන දුවගොස් ඇත. එය දැක අවට පිරිස ඔහු පසුපස ලුහු බැඳ අල්ලාගෙන ඇත. නගරයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අතරතුර සැකකරු මාලය ගිලදැමූ බව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. සැකකරුගේ උදරයේ ඇති රන් මාලය පිටතට ගැනීමට විරේක බෙහෙත් ලබාදී පොලිසියේ රඳවාගන සිටී.
පැලවත්ත – චන්දන පෙරේරා