මාවුස්සාකැලේ වාන් දොරටු 03ක් විවෘත කරයි

66

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03ක් අඟල් 04 බැගින් ඉකුත් (12*දා ප.ව. 04.00 සිට පෙරේදා (13දා* පෙරවරුව දක්වා විවෘත කර තිබූ බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති මාවුස්සාකැලේ ජලාශයේ වපසරිය අක්කර අඩි 95400 ක් පමණ වේ. කැනියෝන්,විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර 05 සඳහා ප‍්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි. මේවන විට කාසල්රී ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්නව පවතී.

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment