මාව යවන්න එපා : කෙලී උසාවි යයි

482

ගාලුමුවදොර අරගලයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි බවට චෝදනා කරමින් තමන්ගේ වීසා බලපත්‍රය අවලංගු කර මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කෙලී ෆ්‍රාසර් මෙනවිය (ඊයේ) 12 වැනිදා රිට් ආඥා පෙත්සමක් ගොනු කළාය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

තමන් ගෝඨා ගෝ ගම අරගලය මුල් අවස්ථාවේ සිටම සියැසින් දුටු බවත් ශ්‍රී ලාංකික ජනතාව එම අරගලය දියත් කර ඇත්තේ සාමකාමී අයුරින් රජයට එරෙහිව ඔවුන් තුළ පවතින විරෝධතාවය දැක්වීමේ අරමුණින් බව වැටහී ගිය නිසා තමන් එලෙස වීඩියෝ දර්ශන සමාජගත කළ බවත් සිය පෙත්සම මගින් සඳහන් කර ඇති පෙත්සම්කාරිය එම කරුණ මුල්කරගෙන ලබන 15 වැනි දිනට පෙර තමන්ට රටින් පිටුවහල් වීමට නියෝග කිරීම යුක්ති සහගත නොවන බවත් සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයට කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment