මාස්ක් පැළඳීම ප‍්‍රතික්ෂේප කළ එංගලන්ත ජාතිකයාට සිරදඬුවම්

437

පවතින වසංගත තත්ත්වය හමුවේ පොදු ස්ථානවලට යෑමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම ප‍්‍රතික්ෂේප කළ එංගලන්ත ජාතිකයකුට එරෙහිව සති හයක සිරදඬුවමක් නියම කිරීමට සිංගප්පූරුවේ අධිකරණයක් ඊයේ (19දා) පියවර ගත්තේය.

 සිංගප්පූරුවේ සිටින 40 හැවිරිදි බෙන්ජමින් ග්ලයින් නමැත්තා ඉකුත් මැයි මාසයේ සිට කිහිපවරක්ම පොදු ස්ථානවලට යෑමේදී මුහුණු ආවරණයක් පැළඳීම ප‍්‍රතික්ෂේප කිරීමේ වරදට චෝදනා 04ක් යටතේ ඔහුට එරෙහිව මෙම සිරදඬුවම පනවා තිබේ. ග්ලයින් ඉකුත් මැයි මාසයේ සිංගප්පූරුවේ දුම්රියක ගමන් ගැනීමේදී මුහුණු ආවරණයක් නොපැළඳීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් තර්ජනාත්මක වදන් භාවිත කිරීම ඇතුළු චෝදනා හතරකට ඔහු වරදකරු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment