පෙබරවාරි මාසයේ 22 වැනිදා ඉන්දියාවේදී ඇරඹීමට නියමිත ලොව සුපිරි ක්‍රිකට් තරු එකතුවෙන් සැකසුණු ‘ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සියල්ල සූදානම්ව පවතියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත්තේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සංචිතය එළිදක්වා ඇති අතර කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අශාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා ඊට ඇතුළත්ව ඇත. මාස්ටර්ස් ලීග් තරගාවලියට රටවල් 5ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ එංගලන්තය ඊට ඇතුළත්ය.
තරගාවලිය ඇරඹෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් වන අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විසිනි. ඉන්දීය කණ්ඩායමට සුරේෂ් රයිනා හා යුවරාජ් සිං ද එක්ව සිටී.
සුසිල් ජයකොඩි