ගත වූ මාස 2 ඇතුළත දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් පහළොස්දහසකට වැඩි පිරිසක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛi ඉන්දික වීරසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (05 වැනිදා) පැවසීය.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ,
ගම්පහ, පුත්තලම, කළුතර යන දිස්ත්‍රික්කවලින් බව ද හෙතෙම කීය.
අවට පරිසරය පිළිබඳව සැලකිලිමත්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය අවම කරගත හැකි බව ද හෙතෙම කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්