මාස 2 ක් තිස්සේ පිටරට සිටින ආණ්ඩුකාරවරයෙක් ලක්ෂ 15 ක ඉන්ධන දීමනා අරන්

689

එක්තරා පළාතක ආණ්ඩුකාරවරයකු මාස දෙකක් තිස්සේ විදේශගතව සිටිය ද ඔහු එම මාස දෙකේ තමාට හිමි රුපියල් ලක්ෂ 15 කට ආසන්න ඉන්ධන දීමනාව ලබාගෙන ඇත.

එම ආණ්ඩුකාරවරයා පසුගිය අගෝස්තු මස මුල සිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 29 වැනිදාය. එහෙත් ඔහු එම මාස දෙකට ඉන්ධන දීමනාව ලෙස ලැබීමට නියමිත රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් මෙසේ ලබාගෙන ඇතැයි, රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම ආණ්ඩුකාවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයකු වන අතර ඔහු කලක් කන්ද උඩරට පළාතේ දේශපාලනයේ ද නිරත විය.

ඔහු කලක් එම පළාතේ මහ ඇමැතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

අකිත පෙරේරා


advertistmentadvertistment