21 ක් මරුට – 14 කට තුවාල
මෙම වසරේ පළමු මාස තුනේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවූ වෙඩි තැබීමේ සිද්ධීන් 30කින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙම වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ඊයේ (12දා) පැවසීය.
මෙම වෙඩිතැබීම් 17 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවත්, ඉතිරි 13 පෞද්ගලික හේතූන් මත සිදුකර ඇති බවටත් තොරතුරු ආනාවරණය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අපරාධ මර්දනය සඳහා පොලිසිය පවතින නීතියට අනුව කටයුතු කරන බවත් ‘යුක්තිය’ මෙහෙයුම ඇරඹීමේ මූලික අරමුණ එය බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සංවිධානාත්මක අපරාධකරුවන් කෙසේ කටයුතු කළත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නීතියට අනුව බවද කියා සිටියේය.
සුජීව තත්සර