මැණික්ද පොකුරක්ද? රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති කියන්නේ මෙහෙම කතාවක්!

234

* රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ
ප‍්‍රශ්නය:- ලොව විශාලතම මෙන්ම මිලෙන් අධික මැණික් පොකුරක් මෙරටින් හමු වී තිබීමේ සිදුවීම දෙස් විදෙස්හි වැඩි අවධානය යොමු වූ ප‍්‍රවෘත්තියක් බවට පත්ව තිබෙනවා. ඇත්තටම මොකක්ද මේ මැණික් ගලේ කතාව. මේක කොහොමද එකපාරටම මතුවුණේ….?

පිළිතුර:- රත්නපුර කහවත්ත පොලිස් වසමෙන් තමයි තමයි හම්බවෙන්නේ. ඒ මීට අවුරුද්දකට පමණ පෙර. මේ මැණික හම්බවෙච්ච ගමන් ඒ පතලේ අයිතිකරු මට ඒ ගැන දැන්නුවා. ඒ කාලයේ කොවිඞ් රැල්ලක් තිබුණු නිසා සහ ඒක ඒ කාලෙ ප‍්‍රසිද්ධ කිරීම ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා ප‍්‍රසිද්ධ කළේ නෑ. මේක ගල කොරන්ඩම් පවුලේ ගලක්. ලංකාවෙ මැණික් ගල් වර්ග හැත්තෑපහක්, අසූවක් විතර හම්බවෙනව. ඒකෙන් වටිනාම වර්ගය තමයි කොරන්ඩම් පවුලට අයත් ගල්. ඒකෙ නිල්, රතු, ආරුනූල්, පුෂ්පරාග සහ පද්මරාග, ෂෆායා කියල වර්ග තියෙනව. ඒකෙ වයිට් සෆායා කියන ගල් තමයි මේ හම්බවෙලා තියෙන්නෙ. එකෙ දෘඪතාව නමයයි. මේක ඉතාමත් ශක්තිමත් ගලක්. මේක ආර්නූල් එකට පිහිටපු කි‍්‍රස්ටල් පොකුරක්. මේ ගල ඉපදුන තැනම හම්බවුණ පොකුරක්. මේ මැණික මෙච්චර කල් එළියට නොදා අයිතිකාරයොත් හංගගෙන ඉඳල තිබෙන්නේ එය අලෙවි කිරිම සඳහා වන ක‍්‍රියාවලියට විශ්වාසවන්ත මුණගැසෙන තෙක්. එය දැන් ඉටුව තිබීම නිසා ඔවුන් එය මාස අටකට පමණ පෙර මට පෙන්නුවා. එතනදි මම දැක්ක මේ ගලේ වටිනාකම. එතනදි මම ගල අයිති අයට කිව්ව දේ තමයි මේ මැණික් ගලේ තියෙන්නෙ කෞතුක වටිනාකමක් කියන එක. දැන් මේ මැණික් ගල ලෝක ප‍්‍රසිද්ධයි.

ප‍්‍රශ්නය:- මේක පෞද්ගලික ඉඩමක ළි`දකින් ලැබුණු ගලක්ද?

පිළිතුර:- මේ මැණික හම්බවුණ අය ළි`දක් කපද්දි හම්බවුණා කියන්නෙ බයට. ළිං කපන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බලපත‍්‍ර දෙන්නෙ නෑනෙ. අධිකාරිය බලපත‍්‍ර ලබාදෙන්නෙ පතලකට.

ප‍්‍රශ්නය:- එහෙම බලපත‍්‍රයක් ලබාදුන්නට පස්සෙ අධිකාරිය අදාළ පතල සම්බන්ධයෙන් මොන වගේ මැදිහත්වීම් ද කරන්නෙ…

පිළිතුර:- අපි යම් පතලට බලපත‍්‍රයක් දුන්නට පස්සෙ ඒ පතල අපේ නියාමනයකට ලක්වෙනව. එතනදි ලැබෙන ගල් පිළිබ`දව අපට දැනුම් දිය යුතුයි. එහෙම දැනුම් නොදෙන අවස්ථාව තියෙනව.

ප‍්‍රශ්නය:- මෙවැනි මැණික් පොකුරු හමුවුණු පළමු අවස්ථාවද මේ…

පිළිතුර:- මීට පෙරත් පොකුරු හම්බවෙලා තියෙනව. මෙච්චර ලොකු වගේම බර ගලක් හම්බවෙලා නෑ. කිලෝ 510ක් බරයි. කැරට් 2550000යි. කිලෝ එකක කැරට් 500ක් තියෙනව. මේ කැරට් රත්තරංවලදි භාවිත වන ඒකකය නෙමේ. රත්තරංවලදි කැරට් කියන්න භාවිත වෙන්නෙ ණ. ඒත් මැණික්වලදී ඒක ක්‍.

ප‍්‍රශ්නය:- මේකෙ වටිනාකම කොහොමද තක්සේරු කළ හැක්කේ…

පිළිතුර:- දළ වශයෙන් ඩොලර් මිලියන 100ක් විතර. කෝටි 2000ක්. දැනට ඒ වගේ වටිනාකමක් කෙනෙක් දීල තිබුණ.

ප‍්‍රශ්නය:- නමුත් මේ පිළිබඳව අදහස් දක්වන ඇතැමුන් සඳහන් කරන්නේ කියන තරම් වටිනාකමක් මෙහි නැති බවයි. මෙය තනිකරම මුලාවක් බවත් ඇතැම් අය චෝදනා කරනවා.

පිළිතුර:- එය සම්පූර්ණම වැරදි කතාවක්. මෙම මැණික ගැන නොදන්නා ඇතැමුන් ඒ ගැන වැරදි මත පළ කරනවා. සමහරුන් දැන දැනම වැරදි අදහස් සමාජගත කරනවා. ඇත්තටම මේ වගේ මැණික් ගලක් තිබෙන්නේ ලෝකෙටම එකයි . අපේ රටෙන් එවැනි මැණිකක් ලැබුණ බව පිළිගන්න අකමැති අයට කියන්නත් මොනවා හරි දේවල් තියෙන්න ඕනනේ. මේ වගේ වූ වටිනා සම්පත් තවත් ඕනෑ තරම් අප රටේ පොළොව යට තිබෙනවා.

ප‍්‍රශ්නය:- මෙය මිලට ගැනීමට කවුරුන් හෝ මේ වනවිට ඉදිරිපත් වෙලා තිබෙනවා ද?

පිළිතුර:- තාම මේක ප‍්‍රසිද්ධ වුණා විතරයි. දැන් මේ මැණික්වලට කැමැති ධන කුවේරයන් මේ ගැන හොයනව. මේ වන විට ලෝකයේ බොහෝ තැන්වලින් මේ පිළිබඳ විමසීම් කරනවා. ලෝකය පුරාම මෙම මැණික පිළිබඳ දැන් ප‍්‍රසිද්ධයි.

ප‍්‍රශ්නය:- එහෙම මිලදී ගන්න කෙනෙක් හම්බවුණාම මිලදී ගැනීම සඳහා වන ක‍්‍රමවේදය කුමක්ද?

පිළිතුර:- අදාළ ධන කුවේරයාගේ නියෝජිතයෙක් තමයි මැණික බලන්න එන්නෙ. ඒ සඳහා ක‍්‍රමවේදයන් තිබෙනවා. ඒ අනුව ඉදිරි කටයුතු සිදු වෙනවා. ආරක්ෂක ක‍්‍රමවේදයන් ඔස්සේ විධිමත්ව මිලදී ගන්නා පුද්ගලයාට ඒ ලබා දීමේ හැකියාව තිබෙනවා.

ප‍්‍රශ්නය:- මෙමඟින් ලැබෙන ආදායම එය ලැබුණු පුද්ගලයාට අයිති නැති බව ඇතැමුන් පවසනවා. මෙහි ආදායම බෙදෙන්නෙ කොහොමද?

පිළිතුර:- මේක පතලකින් ලැබුණු ගලක්නෙ. ඒ නිසා මේකෙ ආදායමෙන් 2.5%ක් දේශීය ආදායම් බදු එකට ගෙවන්න ඕන. ඊට පස්සෙ අධිකාරියට ලැබෙන දශම දෙකයි පහයි. අනෙක් සියලූ දේ අයිතිකරුට. අයිතිකරුට රුපියල් වලින් සල්ලි ලැබුණත් එම මුදල අප රටට ලැබෙන්නේ ඩොලර්වලින්. එය අපේ ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමට ඉතාම වැදගත්. කොරෝනා අර්බුදය ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් නිසා රුපියලේ අගය අවප‍්‍රමාණය වීම ඩොලර් සංචිත ඉහළ නැගීම තුළින් අඩුවෙනවා. මෙය ඒ වෙලාවේ අප රටට ඉතා වැදගත්.

ප‍්‍රශ්නය:- අපි හිතමු ගෙදර ළි`දක් කපන විට මැණිකක් හම්බවුණා කියල. එහෙම හම්බවුණොත් ඒක ඒ ඉඩම හිමි පුද්ගලයට අයිති නැද්ද?

පිළිතුර:- එහෙම වුණොත් ඒක ප‍්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරන්න ඕන. ඒක කරන්නෙ රජය. නමුත් බලපත‍්‍රලාභී පතලක තිබිල මැණිකක් හම්බවුණොත් ඒකෙ අයිතිය එම පතල හිමිකරුට ලැබෙනව. ලංකාවෙ සම්පත තමයි මැණික්. මන්නාරම් මුහුදෙ තෙල් තියෙනව. නමුත් ඒක ගොඩගන්න අපිට තාක්ෂණය නෑ. නමුත් අපේ පොළොව යට තියෙන මැණික් සම්පත ගොඩගන්න ඒ තරම් තාක්ෂණයක් ඕන නෑ. ඒ ගැන ක්ෂේත‍්‍රයේ අය ඉවෙන් දන්නව. ඔබ අහපු ප‍්‍රශ්නයට නැවත පිළිතුරක් දෙනව නම්, එහෙම ප‍්‍රතිලාභ ලබන්න නම්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙ බලපත‍්‍රයක් තිබිය යුතුයි. ඒක වෙළෙ`ද බලපත‍්‍රයක්. පිත්තල, රිදී, රන්, ප්ලැටිනම් ආදී ලෙසින් බලපත‍්‍ර තියෙනව. තමන්ගෙ අතේ තියෙන මුදලට හරියන විදිහට බලපත‍්‍රයක් ලබාගන්න පුළුවන්. එහෙම බලපත‍්‍රයක් නැත්නම් මැණික් ළ`ග තබාගැනීම පවා නීති විරෝධියි. අද ලංකාවෙ ගොඩක් දෙනා මේ නීති දන්නෙ නෑ.

ප‍්‍රශ්නය:- මේ ලැබී තියෙන මැණික ගන්න කෙනාට මෙහි තියෙන වටිනාකම මොකක්ද?

පිළිතුර:- කෞතුක වටිනාකම තමයි. මොකද මේකෙ තියෙන ගල් වෙන් කළොත් මෙහි වටිනාකමක් නෑ. එහෙම වුණොත් කෝටි 500කට විතර තමයි විකුණන්න පුළුවන් වෙන්නෙ. ලෝකයේ ධන කුවේරයෝ ඉන්නව දුර්ලභ මැණික් එකතු කරගෙන ඒවා කෞතුක වස්තු ලෙස නඩත්තු කරන. එවැනි රටවල ජනතාවත් ඒක නරඹන්න එන්නෙ මුදල් ගෙවල. මේක හරියට ග‍්‍රහ ලෝකයක කෑල්ලක් ගත්ත වගෙ තමයි. මේක ගන්න කෙනා ‘ශී‍්‍රමත්’ වෙනව. මම තමයි මේක දැන් මාකර්ට් කරන්නෙ.

ප‍්‍රශ්නය:- ඇයි අපිට බැරි මේක ලංකාවෙ තියාගෙන සංචාරකයන්ට පෙන්වමින් මුදල් උපයන්න…?

පිළිතුර:- එහෙම වුණත් මේක මිලදී ගන්න කෙනෙක් අවශ්‍යයි. එහෙම මිලදී ගෙන කෞතුක වස්තුවක් ලෙස පෙන්නුවත් ඒක බලන්න තරම් දියුණු තත්ත්වයක අපි නෑ. සංස්කෘතික වශයෙන් මහා ආඩම්බරයෙන් කතා කළාට අපේ රටේ මැණික් සම්බන්ධයෙන් ගොඩනගා ගත් කෞතුකාගාර නෑ. සල්ලි දීල මැණික් බලන්න එන සම්ප‍්‍රදායක් අපේ නෑ.

ප‍්‍රශ්නය:- කොරොනා වසංගතය මෙරට මැණික් කර්මාන්තයට බලපාල ඇත්තේ කෙසේද?

පිළිතුර:- මැණික් හා ස්වර්ණාභරණවලින් අපි වාර්ෂිකව ඩොලර් මිලියන 3.5ක් විතර උපයනව. ජනාධිපතිතුමා අපිට සෞභාග්‍යයේ් දැක්මත් එක්ක පස් අවුරුදු ඉලක්කයක් ලබාදුන්න. අපේ ඉලක්කය තිබුණෙ 2021 වෙද්දි ඩොලර් බිලියන එකක ඉලක්කයකට යන්න. සාමාන්‍යයෙන් වර්ෂයකට පාර්සල් 3500, 3600ක ප‍්‍රමාණයක් තමයි මේ වෙන තෙක් යවල තියෙන්නෙ. නමුත් මේ මාස හය වෙද්දි පාර්සල් අටදාහකට වැඩි ප‍්‍රමාණයක් මේ වෙද්දි යවල තියෙනව. කොරෝනා වසංගතය ලොව පුරා තිබුණත් මැණික් හා ස්වර්ණාභරණවලට තියෙන ඉල්ලූම වැඩියි. කොරෝනා එන්න පෙර අපේ මැණික් අලෙවි කළේ වෙන්දේසි කරල. ඒත් වසංගතයත් එක්ක තත්ත්වය වෙනස්වෙලා. විදෙස් රටවල ඉන්න මැණික් ඉල්ලූම්කරුවන් දැන් අපේ මැණික් අලෙවිකරුවන්ගෙන් පුද්ගලිකවම ඇනවුම් කරනව. ඒ අය හො`දට මැණික් ගැන දන්න අය. එදා අපි කරපු කාර්යභාරය අද කරන්නෙ ඒ මැණික් ඉල්ලූම්කරුවන්.

ප‍්‍රශ්නය:- මෙරට මැණික් සඳහා වැඩි ඉල්ලූම ඇති රටවල් මොනවද?

පිළිතුර:- චීනය, ඇමරිකාව සහ යුරෝපානු රටවල් වන ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය. ඒ වගේම ඔස්ටේ‍්‍රලියාව. තායිලන්තය වගේ රටවලිනුත් අපේ මැණික්වලට හො`ද ඉල්ලූමක් තිබෙනවා.

ප‍්‍රශ්නය:- ‘සිලෝන ටී’ ලෙසින් අපේ තේ ලෝකයේ අනන්‍යතාවක් ගොඩනගා තියෙනව. ඒ වගේම ලෝක මැණික් වෙළ`දපොළ තුළ ශ‍්‍රී ලාංකීය මැණික් ගොඩනගාගත්ත අනන්‍යතාවක් තියෙනවද?

පිළිතුර:- අපි‍්‍රකානු රටවලත් මැණික් හම්බවෙනව. නමුත් ඒ ගල් ලෝක වෙළ`දපොළේ ඉහළ මිලකට අලෙවි වෙන්නෙ නෑ. නමුත් අපේ මැණික්වලට ලෝක වෙළ`දපොළේ ඉහළ මිලක් ලැබෙනව. ඒකට හේතුව තමයි අපේ මැණික්වලටත් තේ වලට වගේ ලෝක වෙළ`දපොළේ තියෙන කීර්තිනාමය. ඔව්… තේවලට වගේ අපේ මැණික්වලට ලෝක වෙළෙ`දපොළේ ගොඩනැගුණු කීර්ති නාමයක් තියෙනව. ඒක අපේ රජ කාලයේ ඉඳලම ගොඩනැගුණු තත්ත්වයක්. ඒකනෙ අපට අතීතයේ රත්නදීපය කිව්වෙ.

ප‍්‍රශ්නය:- ධන උල්පතක් පොළොව යට හංගගෙන තමයි අපි ජීවත්වෙන්නෙ. අපි මේ වෙද්දි ලෝකයටම ණයවෙලා. ගෙවුම් ශේෂ අර්බුදයක ඉන්නෙ. ඇයි බැරි මේ මහා ධනස්කන්ධය ගොඩ අරගෙන මේ අර්බුදවලින් මිදෙන්න…

පිළිතුර:- ඔව්… ඒ වෙනුවෙන් අපි සූදානම්. ඒ වෙනුවෙන් විය යුතු රාජ්‍ය මැදිහත්වීම වෙන්නෙ දැන්. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව අලූත් කැබිනට් මණ්ඩලයේ අපට රාජ්‍ය අමාත්‍යාංශයක් වෙන් කළා. මීට පෙර මේක තිබුණෙ පරිසර අමාත්‍යාංශය යටතෙ. පසුව කර්මාන්ත අමාත්‍යාංශය යටතෙ. හැබැයි දැන් අපිට වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නව.

ප‍්‍රශ්නය:- රාජ්‍ය අමාත්‍යාංශයක් ලැබීමත් සමග අධිකාරියට නව ජවයකින් වැඩ කිරීමේ ශක්‍යතාව ලැබිල තියෙනවද?

පිළිතුර:- මැණික් හා ස්වර්ණාභරණ ස`දහා රාජ්‍ය අමාත්‍යාංශයක් බිහිකිරීම රට ගොඩගන්න කරපු හො`දම ක‍්‍රියාමාර්ගයක්. මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබුණට වැඩිය බිමට බැහැල වැඩ කරන්න පුළුවන් දෙයක් තමයි මේ රාජ්‍ය අමාත්‍යාංශය. ඒක මට හො`දටම දැනෙනව. මැණික්වලින් රටේ ආර්ථිකය ගොඩදාල දෙන්න මට පුුළුවන්.අලූත් ව්‍යාපෘති යෝජනාවක් කැබිනට් එකට දාල අනුමත කරගෙන තියෙනව. ඒකෙන් ප‍්‍රජාමූල සමිති, රාජ්‍ය මැදිහත්වීම වගේම පතල පවත්වගෙන යෑමට ප‍්‍රාග්ධන සැපයුම කරන්න ව්‍යාපාරිකයෙකුත් සම්බන්ධ කරගන්නව. මොකද මීට පෙර කරගෙන ගිය ඇතැම් ව්‍යාපෘති අතරමගදි නතර වුණා වියදම් කරන්න මුදල් නැතිවුණ නිසා. නමුත් මගේ අලූත් යෝජනාවෙන් ව්‍යාපාරිකයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරනව.

මේ රටේ තියෙන මැණික් ඇතැයි අනුමාන කරන සියලූ භූමියන් අපේ අධිකාරිය යටතට ලබාදුන්නොත් රටේ තියෙන ණය කන්ද අවුරුදු දෙකෙන් ගෙවල දාන්න පුළුවන්. ඒ වගේම මේ හා බැ`දුනු අමාත්‍යාංශවල සහය අපට අත්‍යවශ්‍යයි. ඒ කියන්නෙ පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය එතනදි වැදගත්. සියලූ අමාත්‍යාංශවල සහයෝගය ඕන. විශේෂයෙන් පරිසර අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශවල සහයෝගය ඉතා වැදගත්. ඊට අමතරව වතු ආශ‍්‍රිතව ගත්තම විශේෂයෙන් තේ ඉඩම්වල බෑවුම්වල තේ නෑ. ඒ ටිකේ තමයි මැණික් තියෙන්නෙ. ඒ ටික මුඩු ඉඩම්. නැත්නම් කැලේ වැවිල. ඒ වතු සමාගම්වලට දීල තියෙන්නෙ වගා කරන්න. අපි කියන්නෙ ඒ යට තියෙන ඛනිජ සම්පත ගන්න අවස්ථාව දෙන්න. එතනදි තේ ගැළවෙන තේ ගස් නැවත පැළ කරල දෙන්න අපිට පුළුවන්. ඒවගේම තමයි රබර්. රබර් ගලවල කැණීම් කරල මැණික් හම්බවුණාට පස්සෙ නැවත පොළව තිබුණු තත්ත්වයට පත්කරල අවශ්‍ය නම් නව රබර් පැළ රෝපණය කරල දෙන්න වුණත් පුළුවන්. අපි කියන්නෙ මොනම තැනක හෝ කරන කැණීම්වලට පස්සෙ ඒ පරිසරය තිබුණු තත්ත්වයට පත්කරල දෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- මැණික් කර්මාන්තයේ දියුණුව සම්බන්ධයෙන් තියෙන බාධාවන් මොනවද?

පිළිතුර:- අපිට තියෙන ලොකුම බාධාවන් තමයි පරිසරය සම්බන්ධ කාරණා. විශේෂයෙන් එතනදි පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීම් අපට යම් බාධාවන් වෙලා තියෙනව. නමුත් මේ වෙද්දි ඒවා යම් තරමක ලිහිල් කරගෙන තියෙනව. රත්නපුරයෙ තියෙන ඉඩම්වලට බලපත‍්‍ර දෙන්න ගියාම තියෙන ගැටලූවක් තමයි ඒවට උරුමක්කාරයො වැඩියි. මැණික්වලට අයිතිවාසිකම් කියාගෙන බොහෝ අය එනව. හැටහතරදාහෙන් පංගුව පවා තියෙනව. එච්චර පංගු පෙළපත් හදාගෙන ඇවිත් පෙන්වනව. එතනදි අදාළ භූමියෙන් තුනෙන් දෙකක් තමන්ට අයිති නැතිනම් අපට එවැනි තැන්වලට බලපත‍්‍ර දෙන්න බෑ.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment