රත්නපුරය කහවත්තෙන් සොයා ගත් ලොව විශාලතම ආරුනූල් මැණික් පොකුර තක්සේරු නොකර මිල ගණන් පැවසීම හෝ ඒ ගැන කරුණු දැක්වීම විහිළුවක් බව බන්ධනාගාර පුනරුත්ථාපන සහ කළමනාකරණ ස්වර්ණාභරණ හා මැණික් පිළිබඳ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.
මෙම මැණික් පොකුර තක්සේරු නොකර මිල ගණන් නියම කිරීම විශාල අර්බුදයක් වී ඇතැයි ද ඒ මහතා කීවේය.
එමෙන්ම මෙම මැණික් පොකුර පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් සිදුකර ඉන්පසු එහි වටිනාකම ප‍්‍රසිද්ධියට පත් කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් විදේශීය රටවල් ගණනාවක්ම තමාගෙන් කරුණු විමසා ඇති බවත් පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස මිල ගණන් නියම කර ඇත්තේ කාගේ අවශ්‍යතාවක් මත ද යන්න තමාටද ප‍්‍රශ්නයක් බව ද කීවේය.
– නෝමන් පලිහවඩන
|