මැතිවරණයකට වහාම යන්න – ඕමල්පේ සෝභිත හිමි

302

වහාම මහ මැතිවරණයකට යොමුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගතයුතු බව රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ඊයේ (19දා) ප්‍රකාශ කළහ.

එසේ නොමැතිව මේ මොහොතේ තාවකාලික සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවන්නේ නම් පක්‍ෂ නායකයන් සමග සාකච්ඡා කර ප්‍රතිපත්ති මත පිහිටා සන්ධානයක් නිර්මාණය කරගනිමින් අගමැති ධුරය විපක්‍ෂයට භාරදී ඇමැති තනතුරු 20 කට නොවැඩි වන ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් එය මහානායක හිමිවරුන් විසින් ජනපතිවරයාට භාරදී ඇති සෙංකඩගල ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

සුජීව තත්සර


advertistmentadvertistment