මැතිවරණ උණුසුමේ රතිඤ්ඤා පූදී

74

ඉදිරියේ මැතිවරණ ජය සැමරීමට අවශ්‍ය රතිඤ්ඤා සැපයීම ඉලක්ක කර මේ වනවිට තම ගිනිකෙළි නිෂ්පාදකයන් 50%කට අධික පිරිසක් තම නිෂ්පාදන අරඹා ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම වසරේ ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වුවොත් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි සඳහා පවතින ඉල්ලුම ඉහළ යන නිසා ඔවුන් මෙසේ නිෂ්පාදන අරඹා තිබේ. මහා මැතිවරණයට දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග කරන බැවින් අපේක්ෂකයන්ගේ රැස්වීම්, ඡන්ද අපේක්‍ෂකයන් පිළිගැනීම්, ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවලදී සහ ජයග්‍රහණයෙන් අනතුරුව සිදුකෙරෙන පිළිගැනීම් සඳහා ගිනිකෙළිවලට විශාල ඉල්ලුමක් පවතින බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment