මේ දක්වා මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වෙමින් තිබෙන බව සිය නිරීක්‍ෂණයවූ බව මෙරටට පැමිණ සිටින විදේශ මැතිවරණ නිරීක්ෂකයෝ ඊයේ (12දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවැසූහ.
පසුගිය දින දෙකේ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කළ බවත් එසේම තම නියෝජිතයන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවූ බවත් ඔවුහු සඳහන් කළහ.
රටවල් 10ක් නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින විදේශ මැතිවරණ නිරීක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මාධ්‍ය හමුවක් පැවැති අතර මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී මැතිවරණ නිරීක්ෂකයන් නියෝජනය කරමින් කතා කළ කේම්බි්‍රජ් ආයතනයේ නසීම් සයිඩ් මහතා ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය, මාතලේ පොලොන්නරුව, කොළඹ, මාතර,යාපනය, බදුල්ල, ගම්පහ, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තම මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් තම නිරීක්ෂණ කටයුතුවලින් පසුව මේ මහ මැතිවරණය ගැන විස්තරාත්මකව තම නිරීක්ෂණ ප්‍රකාශ කරන බවත්ය.
ඡන්ද දිනයේ (14දා) ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද තම නිරීක්ෂණයට ලක්වන බවත් ශ්‍රී ලංකාවේ මෙවර මහ මැතිවරණය නිදහස් හා සාමකාමීව පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කියා සිටියේය.
තවත් මැතිවරණ නිරීක්ෂකයන් කිහිප දෙනෙක්ම මෙහිදී අදහස් පළ කළහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත