මැතිවරණ ප්‍රචාරක කටයුතු අදින් අවසන්

38

මෙම මස 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වේ. එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12දා) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment