මැතිසබය අද රැස්වෙයි: හදිසි අවස්ථා ප්‍රකාශය විවාදයට වජිර දිවුරුම් දෙයි

63

පාර්ලිමේන්තුව අද (27 දා) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මෙහිදී එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ජාතික ලැයිස්තු පුරප්පාඩුව සඳහා වජිර අබේවර්ධන මහතා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ද නියමිතය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන අතර එහිදී මහජන ආරක්‍ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශය විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

ජූලි 17 දිනැති අංක 2288/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සඳහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්‍ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්‍ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මහජන ආරක්‍ෂක ආඥාපනතේ ජානාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බව ද ගැසට් පත්‍රයේ සඳහන් වේ.

ගෝල්ෆේස් අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී පක්‍ෂ, විපක්‍ෂ මන්ත්‍රිවරුන් අදහස් ප්‍රකාශ කිරීමට ද නියමිතය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment