මැදපෙරදිග රටවල් 6ක ගුවන් මගීන්ට ශී‍්‍ර ලංකාව දොර වසයි

248

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල
 
 මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත මැදපෙරදිග රටවල් 06ක සිට ශ‍්‍රී ලංකාවට ගුවන් මගීන්ගේ පැමිණීම දින 14ක් ස`දහා අත්හිටුවා ඇති බව ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටී.
 
 ඒ අනුව කටාර්, එක්සත් අරාබි එමීර්, සෞදි අරාබිය, ඕමානය, බහරේනය සහ කුවේටය යන රටවල දින 14 ක කාලයක් සංචාරයේ නිරත වී සිටි ගුවන් මගීන් සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක‍්‍රමණික ගුවන් මගීන්ට ද මෙම කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම අත්හිටුවා තිබේ.
 
 මෙම අත්හිටුවීම පිළිබඳ නිවේදනය මේ වනවිට ශ‍්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබ`දතා පවත්වන සියලූම ගුවන් සේවාවන් වෙත දැනුම් දී ඇති බව ද ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
 
 එහෙත් මේ වනවිට මෙම රටවල සිට ශ‍්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී ඇති ගුවන් මගීන්ට ඔවුන් පත් විය හැකි අපහසුතාවන් සලකා බලා ජූලි මස 01 දින තෙක් ශ‍්‍රී ලංකාවට පිවිසීමට අවසර දී තිබේ.
 
 එසේම එළඹෙන ජූලි මස 01 දින සිට ජූලි මස 31 දින දක්වා කාලසීමාව තුළ ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසතෝ, මොසැම්බික්, නැම්බියා, ස්විට්සර්ලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල දින 14 ක කාලයක් සංචාරය කළ සහ මෙම රටවල් ඔස්සේ ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංක‍්‍රමණික ගුවන් මගීන්ට ද මෙම කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා
 
 පසුගිය 28 වැනිදා නිකුත් කළ නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment