මැදුම් පිළිවෙතින් නිවන් මගට…

591

මජඣිමා යනු මැද, මධ්‍යම යන අරුත් ඇති පදයකි. මජඣිමා පටිපදා යන්න මධ්‍යම ප‍්‍රතිපදාව හෙවත් මැද මාවත යන අර්ථයෙන් ප‍්‍රකට ව භාවිතා වේ. බුදු දහමේ ඒකායන නිෂ්ඨාව වන නිර්වාණාවබෝධය ස`දහා ප‍්‍රධාන ප‍්‍රතිපදාවක් ලෙස මජඣිමා පටිපදා යන්න හැදින්විය හැකිය. මධ්‍යම අර්ථයෙන් මෙය සැලකුවහොත් අකුසලයේ මධ්‍යම ප‍්‍රමාණය, කුසලයේ මධ්‍යම ප‍්‍රමාණය කවරක්දැයි සිතිය හැකිය. විරති හෝ සමාදානයේ එවැනි මැද මාවතක් දැකගත නොහැක. එනිසා මජඣිමා පටිපදා යන්නට ධර්මාර්ථ වශයෙන් ගත යුත්තේ ප‍්‍රධානම මූුලිකම යන අත්‍ථ–යයි.

 මධ්‍යම ප‍්‍රතිපදාව ”ඒකායනො අයං භික්ඛවේ මග්ගො සත්තානං විසුද්ධියා” යනුවෙන් පෙළෙහි විස්තර වන්නේ එකම මාර්ගය යන අදහසින් නොව ප‍්‍රධාන වූ හෙවත් මූලික මාර්ගය යන අදහසිනි. උදාහරණයක් ලෙස නිවනෙහි මූලික පදනම වූ සීල ශික්ෂාව සැලකුවහොත් එහි ඇති ප‍්‍රධාන අර්ථය මැනවින් ප‍්‍රකට කෙරේ. අටුවාව තුළ සීලය විග‍්‍රහ කර තිබෙන්නේ ”කාය වාචානං සමොධානං සීලං” වශයෙනි. කායික සංවරයත්, වාචික සංවරයත් සීලය ලෙස මෙහි අර්ථකථනය කොට තිබේ. එහෙත් කුමන අදහසකින් මෙය ඉදිරිපත් කළේ ද යන්න සලකා බැලීම වැදගත් වේ. කයෙහි සංවරය යනු කය පාලනය කිරීම හෝ ක‍්‍රමාණුකූලව හසුරුවා ගැනීම නම් සිරකරුවෝ ද සීලවන්තයෝ වෙති. වචනයේ සංවරය වචනය පාලනය කිරීම නම් කතා කිරීමට නොහැකි අය උසස්ම සීලවන්තයෝ වෙති. එහෙත් බුදු දහම මෙයින් පෙන්වා දෙන්නේ කය – වචන දෙකෙහි අමානුෂික පාලනයක් නොව සතියෙහි ඇති වැදගත්කම යි. එනිසා සීලය විග‍්‍රහ කිරීමේදී එහි ප‍්‍රධාන අර්ථය ගත යුත්තේ හිරි- ඔතප් ධර්ම නිසා කය වචන දෙක හික්මවිම සීලය වශයෙනි. මෙහි මධ්‍යස්ථ බවක් පෙන්විය නොහැකි අතර ප‍්‍රධානත්වය ධර්මාර්ථ වශයෙන් ඉස්මතු වේ.

 සැප වි`දීමෙහි මධ්‍යම ප‍්‍රතිපදාව කුමක්දැයි සිතුවහොත් එහි මධ්‍යම ප‍්‍රමාණයක් නැත. නිවාප සූත‍්‍රයෙහි මුවා සහ උගුල උපමාවේ දී මීට කදිම නිදසුනක් සපයන්නේ උගුල මත නිදා සිටින මුවා වැද්දා එන විට එයින් ඉවත්ව නොපැටලී පැනයාම දැක්වීමෙනි. සැපෙහි අවමයක් හෝ උපරිමයක් බුදු දහම නොදක්වන අතර මුවාට උගුල මෙන් සැපත තුළ ඇති දුක ද දැනගැනීමත් එහි අනිත්‍යතාව හ`දුනා ගැනීමත් වැදගත් බව පෙන්වා දෙනු ලැබේ.

 මැදුම් පිළිවෙත අංග අටකින් යුතු ප‍්‍රතිපදාවකි.

 1. සම්මා දිට්ඨි

 2. සම්මා සංකප්ප

 3. සම්මා වාචා

 4. සම්මා කම්මන්ත

 5. සම්මා ආජීව

 6. සම්මා වායාම

 7. සම්මා සති

 8. සම්මා සමාධි

 යනුවෙන් දැක්වෙන් මෙම අෂ්ටාංග ප‍්‍රතිපදාව ආර්ය මාර්ගයට ප‍්‍රවිෂ්ට වන පුද්ගලයා ක‍්‍රමානුකූලව විදර්ශනා ප‍්‍රඥාවෙන් යුක්ත වූවකු බවට පත්වන පිළිවෙල පැහැදිලි කරයි. සෑම පුද්ගලයකු තුළම දැකිය හැකි පොදු ලක්ෂණ වශයෙන් මේවා හ`දුනාගත හැකි අතර එහි කූමානුකුල සංවර්ධනයක් මෙම ප‍්‍රතිපදාව තුළින් ඇති කරනු ලැබේ. ආර්ය පුද්ගලයෙකු බවට පත්වීමත් සම`ග ඔහුගේ ඒකායන අපේක්ෂාව වන්නේ බුදු දහමේ පරම නිෂ්ඨාව වන නිවන අවබෝධ කර ගැනීමයි. ඒ ස`දහා මෙම අෂ්ටාංග පුහුණු කිරීමේ වැදගත්කම මධ්‍යම ප‍්‍රතිපදාව තුළින් පෙන්වා දේ. වචනාර්ථ වශයෙන් මෙම අංගවල ලිහිල් අර්ථයක් පෙන්වුව ද ධර්මාර්ථ වශයෙන් පෙන්වන අර්ථයට ගෙන මැදුම් පිළිවෙත පුහුණු කිරීමෙන් බුදුු දහම පෙන්වාදෙන ආර්යභාවයට පත්විය හැකි බව මෙම අංග විශ්ලේෂණය කොට බැලීමෙන් තහවුරු කර ගත හැකිය.

 එසේම, මෙම මාර්ග අට ත‍්‍රිශික්ෂාවට බෙදනු ලැබේ. නිවන් මගට අදාළ පියවර තුනක් ලෙස සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාව බුදු සමයෙහි පෙන්වා ඇත. මධ්‍යම ප‍්‍රතිපදාවෙහි ප‍්‍රඥා ශික්ෂාව මුලට යෙදී ඇති බව එය අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වේ. සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන අංගද්වය ප‍්‍රඥා ශික්ෂාවට අදාළ වන අතර ප‍්‍රඥාවන්තයෙකුට හැර සෙසු පුද්ගලයෙකුට මෙම ප‍්‍රතිපදාව පූර්ණය කළ නොහැකි නිසා එකී අංග මුලින් දක්වා තිබේ. එසේම, සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව යන අංගත‍්‍රය සීල ශික්ෂාවටත්, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන අංගත‍්‍රය සමාධි ශික්ෂාවටත් ඇතුළත් වේ. එසේ වුවත් මෙම ප‍්‍රතිපදාව එකට බැ`දුනු එකක් මිස වෙනම පුහුණු කළ යුත්තක් නොවේ. මිනිසාගේ සදාචාරාත්මක දියුණුව පිළිබ`ද ප‍්‍රඥාවෙන් දකින පුද්ගලයා කායිකව ,වාචසිකව හා මානසිකව ද ඇති කර ගන්නා යහපැවැත්ම මේ ප‍්‍රතිපදාවෙහි වර්ධනය යි. මීට අදාළ එක් අංගයක් බැහැර වූ විට සෙසු අංගයන්හි පිරිහීම ද සිදුවනු ලැබේ. එනිසා මධ්‍යම ප‍්‍රතිපදාව අන්‍යොන්‍ය සබ`දතාවයකින් යුතු ප‍්‍රතිපදාවක් ලෙස හැදින්විය හැක. චතුරාර්ය සත්‍යය තුළ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා යැයි මෙම මැදුම් පිළිවෙත විවරණය කොට තිබේ. නිර්වාණාවබෝධය ස`දහා වන මාර්ග ප‍්‍රතිපදාව මධ්‍යම ප‍්‍රතිපදාව යි. මෙම ප‍්‍රතිපදාවෙහි දියුණුවත් සම`ග සම්මා ඤාණයත් ඊට සමගාමීව සම්මා විමුත්තියත් මැදුම් පිළිවෙත පුහුණු කරන ආර්ය පුද්ගලයාට ලැබිය හැකිය. සාමණේර ප‍්‍රශ්නයේදී ”දසහඞංගෙහි සමන්නාගතො අරහාති වුච්චති” යනුවෙන් නිවන් අවබෝධ කළ රහතන් වහන්සේ අංග දහයකින් සමන්විත බව පෙන්වා ඇත්තේ මේ අනුවය. එම`ගින් මධ්‍යම ප‍්‍රතිපදාව හා නිවන අතර ඇති සෘජු සම්බන්ධය මැනවින් ප‍්‍රකට වේ. එසේනම් මැදුම් පිළිවෙතෙහි ගමන් කොට උතුම් වූ නිර්වාණාවබෝධය සාධනය කිරීමෙහි ලා වෙර වීරිය වැඩිය යුතු ය.

 පිංහේනේ සිරි සුජාත හිමි
 විද්‍යොදය පිරිවෙණ
 කොළඹ 10

advertistmentadvertistment
advertistmentadvertistment