මැද පෙරදිග කලාපයේ උද්ගත වන ගැටුම් තත්ත්වය තුළ සේවය කරන සහ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට කිසියම් හදිසි අවස්ථාවකදී ස්වකීය සමීපතමයන් පිළිබඳව විමසීමට 011-2338812,011-7711194 ඔස්සේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ විය හැකි බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එහි මෙසේ ද දැක්වේ.
මැද පෙරදිග කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත බව තහවුරු කිරීම පිණිස අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා අවශ්‍ය පියවර දැනටමත් ගැනෙමින් පවතියි. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් නිරතුරුව ලබාදෙනු ඇත. මෙම සන්දර්භය තුළ, එම උපදෙස්වලට විශේෂ අවධානයක් යොමු කර ඒවා අනුව කටයුතු කරන ලෙස මැදපෙරදිග කලාපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.