මැලේසියාවට එරෙහි රග්බි තරගයේ නායකත්වය නයිජල්ට

71

ආසියානු රග්බි පාපන්දු සම්මේලනය විසින් ක්‍රියාත්මක කෙරෙන ආසියානු කුසලාන තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයේ තවත් එක් තරගයක් ඉරිදා (19දා) ප. ව. 04.00 ට කොළඹ – 07 රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්වේ.

මීලඟ වටයට වරම් ලබාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව සහ මැලේසියාව එහි දී තරග වදිති. මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම අතිශයින් වැදගත් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරකට අනුවර්තනය වීම වැළැක්විය නොහැකිය.

මෙම තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

මෙම තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නයිජල් රත්වත්තේ වෙත පවරා තිබේ.

මෙවර ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් මාටිස් මහතා නම් කර ඇති අතර දුෂාන්ත් ලෙව්කේ මහතා ඉදිරි පෙළ ආක්‍රමණික පුහුණුකරු ලෙස ද සාලිය කුමාර මහතා පසු පෙළ ආරක්ෂක පුහුණුකරු ලෙස ද කටයුතු කරති.

ජාතික කණ්ඩායම

නයිජල් රත්වත්තේ (නායක), ජනිදු ප්‍රනාන්දු , පුලස්ති දිසානායක, සෙනුර පෙරේරා, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිලාර්, තරිඳු චතුරංග, ලසිඳු කරුණාතිලක, හේෂාන් ජැන්සන්, ජනිදු ඩිල්ෂාන්, ආකාෂ් මධුසංඛ, ධනුෂ්ක රන්ජන්, ඩිනාල් ඒකනායක, මුර්ෂීඩ් සුබයිර්, විමුක්ති ගමගේ, නිරෝෂ් පෙරේරා, මොහොමඩ් රිෆාන්, තේනුක නානායක්කාර, පසිඳු බණ්ඩාර, තනුජා ජයවීර, දහන් වික්‍රමාරච්චි සහ වෙනුර කෝදාගොඩ.

හදිසි කැඳවිම්

මලිත විජේසුන්දර සහ හිරන්ත පෙරේරා

නිලධාරී මණ්ඩලය

උදය හෙට්ටිආරච්චි මහතා (කණ්ඩායම් ප්‍රධානී), රොහාන් චින්

අනුරුද්ධ හේරත් බණ්ඩාර

සංස්කරණය – සුසිල් ජයකොඩි


advertistmentadvertistment