මැලේසියාවේ හමුදා හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි – 10ක් මරුට

293

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබේ. එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව ඇත. එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අනතුරට පත්වන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වෙයි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment