මැ.කො. සභාපතිගෙන් නිවේදනයක්

199

මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු වෙනත් අපේක්ෂකයකු යෝජනා කර නැති නිසා ඒ මහතා වෙනුවෙන් සලකුණු කරන ඡන්ද ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ඡන්ද ලෙස සලකනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාල අපේක්ෂකයාගේ මරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සෑහීමකට පත්වන බවත් එම අපේක්ෂකයා නම් කළ කේ.එම්.එන්.සංජය සම්පත් රේමන් වෙත වෙනත් අපේක්ෂකයකු නාමයෝජනා කරන ලෙස දැනුම් දුන්නද එදින සිට දින තුනක් ඇතුළත වෙනත් අපේක්ෂකයකු නාමයෝජනා කිරීම පැහැර හැර ඇතැයිද සිය නිවේදනයෙහි දක්වා ඇත.
මොහමදු ඉල්යාස් මහතා2024/08/ 22 දින මරණයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment