මිණිමුතු මොරුන් කුච්චවේලී වෙරළට ඇවිත්

245

ත‍්‍රිකුණාමලය කුච්චවේලී ප‍්‍රදේශයේ කල්ලරාව වෙරළ තීරයෙන් පෙරේදා (14) මුහුදු ගිය ධීවරයින් පිරිසකගේ දැල්වලට දුර්ලභ ගණයේ හා ඇල්ලීමට තහනම් කර ඇති මිණිමුතු මෝරුන් දෙනෙකු පැටලී හසුවී ඇති අතර උන් නිරුපද්‍රිතව යළි සයුරට මුදා හැරීමට ධීවරයින් කටයුතු කළහ. ධීවරයින් විශාල පිරිසක් මෝරාව දියඹට දැමීමට එක්ව සිටියේ එම සතුන් ඒ තරම් විශාල වූ බැවිනි. පසුගිය සතිය පුරාම මෙවැනි මෝරුන් වැඩි වශයෙන් දැල්වලට පැටලී හමුවී ඇත.

 කන්තලේ ඩබ්.එම්.වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment