මාතර – ගාල්ල ප්රධාන මාර්ගයේ මිදිගම ප්රදේශයේ දී වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම වෙඩි තැබීමෙන් මාළු ලබාගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කර ඇත.
එලෙස වෙඩිවැදී ඇත්තේල 38 හැවිරිදි සහ 72 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුටය.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 2022/08/04 දින අහංගම පොලිස් වසමේ ගොවියාපාන සයුරුමා හෝටලයේදී වෙඩි තබා ඝාතනය කරන ලද විජේසේකර ගමාච්ච්ගේ අමිල සඳරුවන් යන අයගේ සහෝදරයා වන මාළු වෙළෙන්ඳෙක් වන කැලුම් චතුරංග නැමති 38 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිස් ස්ථානය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.