මින් ඉදිරියට චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල ඉලක්ක කරමින් – ජනමාධ්‍ය ඇමති බන්ධුල ගුණවර්ධන

54

මින් ඉදිරියට ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල ඉලක්ක කර ගත් සිංහල චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් බිහිකිරීමට මෙරට සිනමාකරුවන් උනන්දු කරවන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

එමගින් ශ්‍රී ලංකාවට ඩොලර් උපයා ගැනීමට හැකි බවද පැවසූ අමාත්‍යවරයා මීළඟ සිනමා නිර්මාණය වන සිහින කුමාරී නිෂ්පාදනය කරන්නේ එලෙස ජාත්‍යන්තර සිනමා උළෙල ඉලක්ක කර ගෙන බවද සඳහන් කළේය. මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මහතා බවත්, එම චිත්‍රපටය චරිත දෙකක් පමණක් මුල්කර ගනිමින් නිර්මාණය වන බවත් එහි රූගත කිරීම් ළඟදීම ආරම්භ කරන බවත් කීවේය. චිත්‍රපටය මෙම වසර අගභාගයේදී හෝ 2025 වසර මුලදී ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බව බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පරාක්‍රම නිරිඇල්ල මහතා බන්ධුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදන යටතේ අයෝමා සහ සිරිමැදුර යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබේ. එම චිත්‍රපට දෙක දේශීය සහ ජාත්‍යන්තර සිනමා උළෙලහිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment