මිනිස් වාසයට සුදුසු අලුත් ග්‍රහලෝකයක් සොයා ගැනේ!

286

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ.

මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 120 ක් දුරින් තාරකාවක් වටා කක්ෂගත වන K2-18b ලෙස හැඳින්වෙන දැවැන්ත ග්‍රහලෝකයයි.

ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම මේ ග්‍රහලෝකය K2-18b ලෙස නම් කර තිබේ.

“මෙය විප්ලවීය මොහොතක්. මිනිස් වර්ගයා වාසයට සුදුසු ග්‍රහලෝකයක විභව ජෛව දුටු පළමු අවස්ථාව මෙයයි” යනුවෙන් කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකු වන නික්කු මධුසුධන් අඟහරුවාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ මෑතකදී ස්ථාපනය කෙරුණු ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟිනි.

K2-18b ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙකහමාර ගුණයක් තරම් වේ. එහෙත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යාඥ ස්ටීවන් ස්මිට් පවසන්නේ “මෙය ඉඟියක්. නමුත් අපට තවමත් එය වාසයට සුදුසු බව නිගමනය කළ නොහැකි” බවයි.

චතුර පමුණුව


advertistmentadvertistment