මිනිස් හඬට සංවේදී ප්‍රාණජීව ශාකය

156

ආලෝකයට, ශබ්දයට ජීවමය ප්‍රතිචාර දක්වන ශාකයක් ලෙසත්, මිනිස් හඬට උත්තර බඳින විස්මිත ඖෂධීය ශාකයක් ලෙසත් ප්‍රාණජීව ශාකය ලොව ප්‍රකටය.

ප්‍රාණජීව ශාකය මිනිසාගේ සිතුවිලි තේරුම් ගනී. එමෙන්ම මිනිසාගේ කතාව, සංගීතය, ස්පර්ශය, සිනහව, අත්පුඩි හඬ, ගායනය වැනි හැසිරීම්වලට ශාකයේ මනි පත්‍ර වළයාකාරව චලනය දක්වයි. එම චලනය නර්තනයක සිරි ගනී. මෙය මිනිසා හා ශාක අතර ඇති බැඳීමට කදිම සාක්ෂියකි. නිදර්ශනයකි.

මෙම ශාකය අසල මිනිත්තු කිහිපයක් සිට ගෙන සිටීමෙන්, ශාකය දෙස නෙත් යොමා බලා සිටීමෙන් මානසික කරදර, මානසික අසහනය, පීඩනය පහව යයි. මානසික සතුට, සැහැල්ලුව නිතැතින් උදාවේ.

වටිනා ලෝක ප්‍රකට ඖෂධයක් වන මෙය රනිල කුලයට අයත් ශාකයකි. ‘ගොඩාරියෝ කැලිප්ස් මොටොරියස්’ (Codariocalyps motorius) යන උද්භිද විiාත්මක නාමයෙන් හඳුන්වන මෙම ප්‍රාණජීව ශාකය ආලෝකයට හා ශබ්දයට සංවේදීව නර්තනයේ යෙදෙන බැවින් ‘ඩාන්සින් ටී්‍ර’ (Dancing tree) ලෙස ද හඳුන්වයි.

ප්‍රාණජීව ශාක වර්ග 3ක් ලංකාව තුළ පවතී. ඒ ප්‍රාණජීව, ජීව ප්‍රාණ හා සංජීවනී ලෙසය. තෙත් කලාපයේ බහුලව පවතින මෙම ප්‍රාණජීව ශාකය බස්නාහිර පළාතේ ද බහුලව දැකිය හැක.

සුළු ස්පර්ශයකට, මිහිරි හඬකට වුවද නර්තනයේ යෙදීමට ගන්නා ප්‍රාණජීව ශාකය සිහින් කඳක් හා දිගටි පත්‍රවලින් යුතු කුඩා ගසකි. ප්‍රාණජීව ශාකයේ ප්‍රධාන පත්‍ර සමග උප පත්‍ර දෙකක් දක්නට ලැබේ. නර්තනය බහුලව සිදු කරන්නේ මෙම උප පත්‍රයයි. උප පත්‍ර වළයාකාරව චලනය වී නර්තනය සිදු කරයි. සුදු හා කහ මිශ්‍ර ළා පැහැති මල් පිපෙන අතර දම්පාට මල් පිපෙන විශේෂයක් ද පවතී. මෙහි පත්‍ර අඟල් 3 – 4ක් පමණ දිගටිය. පත්‍ර මතුපිට ළා කොළ හෝ තද කොළ පැහැ වන අතර පත්‍ර යට අළු පැහැති කොළ පැහැයක් ගනී. මෙම ප්‍රාණ ජීව ශාකය
බහුවාර්ගික ශාකයකි.

මෙම ප්‍රාණජීව ශාකයේ ඇති ළපටි උප පත්‍ර සුළඟක් නැති වුවද ශබ්දයට සෙලවී විවිධ දිශාවලට හැරී ආලෝකය ඇති පැති සොයා බලන අතර, උප පත්‍ර සොයා ගන්නා ආලෝකය වැඩි දිශා අනුව විශාල පත්‍ර ඒ දෙසට යොමු වීම දකිය හැක. උප පත්‍ර හෙවත් මනි පත්‍ර අග ඇති දඬුවල ඇති රසායනික ද්‍රව්‍යයක් මගින් මෙම පත්‍ර චලනය වන බව සොයාගෙන ඇත.

ආසියානු සම්භවයක් ඇති ප්‍රාණජීව ශාකය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, චීනය, භූතානය වැනි රටවල ද හොඳින් වර්ධනය වේ.

චංචලන, ඩාන්සින් පැලැනට්, සෙන්ටි්‍රයෝ නමස්කාරී, රාමනාම, පාචා තොලුතන්ති යන විවිධ නම්වලින් ද ප්‍රාණජීව ශාකය හඳුන්වනු ලබයි.

යම් ශබ්දයක් ඇසුණු විට අලංකාර නර්තනයක යෙදෙන, සිහින් දිගටි කරල් හට ගන්නා ප්‍රාණජීව ශාකය ගෙවත්තේ පැළ කිරීම බීජ මගින් සිදු කළ හැක. ඊට අමතරව කුඩා අතුරිකිලි

මගින් ද රෝපණය කරගත හැක. බීජ පැළවීම සඳහා හිරු එළිය අඩුවෙන් පැවතිය යුතුය.

නිවසට සෞභාග්‍ය, වාසනාව ගෙන එන ප්‍රාණජීව ශාකය සූර්යා ලෝකය අඩු වූ පසු අප්‍රාණික වන අතර හිරු එළිය හොඳින් වැටෙන විට ප්‍රාණවත් වේ. එනිසා ප්‍රාණජීව ශාකය රාත්‍රියට නිදා ගනී. ප්‍රාණජීව ශාකයේ දලු කඩා හැරීම තුළින් හා වතුර නොරඳන ලෙස සකසා පඳුරක් ආකාරයට අලංකාරව නිවස තුළ ද සාදා ගත හැක.

ශාක අතර උfiාගිමත් ශාකයක් වන ප්‍රාණජීව ශාකය ඖෂධීය ගුණාංග රැසක් පිරුණු දිව්‍යමය ශාකයකි.

මෙයට ප්‍රාණජීව යන නම යෙදී ඇත්තේ ද එහි ඇති එම දිව්‍යමය ගුණය හේතුවෙනි. මරණාසන්න මොහොතේ පසුවන අයකුට මෙම ප්‍රාණජීව ශාකයේ කොළ පොඩි කර ඉස්ම බිඳුවක් හෝ දෙකක් මුව තුළට දැමීමෙන් ප්‍රාණය නිරුද්ධ නොවී තවත් ටික වේලාවක් රඳවාගත හැක. එවැනි ප්‍රබල ජීවමය ගුණයක් මෙම ප්‍රාණජීව ශාකයට ඇත. එපමණක් ද නොව, තවත් රෝග ගණනාවකට සුව ගෙන දෙන ඔසුවක් ලෙස ද මෙම ප්‍රාණජීව ශාකය හඳුන්වයි. මෙම ප්‍රාණජීව ශාකයේ මුල්, පත්‍ර, ඵල, බීජ, පුෂ්ප යන පංචාංගයම ප්‍රභල ඖෂධ ගුණයෙන් යුක්තය.

ප්‍රාණජීව ශාකය ප්‍රතිඔක්ෂිකාරකයක් සේ ක්‍රියා කරන අතර විෂ නාශකයක් ද වේ. ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර පිළිකා නාශක ගුණයෙන් ද යුක්තය. ඊට අමතරව උණ, කැස්ස, සෙන්ගමාලය, දියවැඩියාව, අතීසාරය, වකුගඩු රෝග, මලබද්ධය, කැඩුම් බිඳුම්, අර්ශස්, හෘද රෝග, රත්ත රෝග, සන්ධි රෝග, අක්මා රෝග, මැලේරියාව, අකලට හිස කෙස් යෑම වැනි රෝග රැසකට ඉතා සුදුසුය. සර්ප විෂට ද ඉතා ප්‍රභල ඖෂධයක් වුව ද මෙහි අධිමාත්‍රා ගැනීම අහිතකර වන බැවින් වෛi උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත්ය.

මීට අමතරව ඇඟපත දුර්වල පුද්ගලයන්ට නිතර සාදන මැල්ලුමට ප්‍රාණජීව කොළ දෙක තුනක් දමා සිහින්ව ලියා කෑමට ගැනීමෙන් ශරීරයට ශක්තිය ගෙන දේ. එමෙන්ම උදෑසන බොන කැඳවලට ද ප්‍රාණජීව කොළ දෙක තුනක් කොටා දමා මිරිකා පානය කිරීමෙන් ද ගතේ ප්‍රාණය නිතැතින් ඇති වන බවද පුරාණ පොත පතේ සඳහන්ය.

මෙම ප්‍රාණජීව ශාකයට අද්භූත බලයක් ද ඇති බව පුරාණයේ සිටි මුතුන් මිත්තන් විශ්වාස කරයි. එනිසාම යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සඳහා ද මෙම ප්‍රාණජීව ශාකය යොදා ගනී.

චාල්ස් ඩාවින්ගේ ‘ශාකවල චලන බලය’ යන ග්‍රන්ථයේ ද සඳහන් ප්‍රාණජීව ශාකය සෑම නිවසකම තිබිය යුතු ඉතා වටිනා, පෞරාණික හා ඖෂධීය වටිනාකමින් යුත් මාහැඟි ශාකයකි.

ඔබත් අදම ඔබේ ගෙවත්තේ මෙම දිව්‍යම ඖෂධීය ප්‍රාණජීව ශාකය සිටුවා පල ප්‍රයෝජන ලබාගන්න. එම ශාකයේ ඇති ප්‍රභල ගුණාංග මතු පරපුරට කියා දී මෙම වටිනා ඖෂධය හෙළබිමෙන් තුරන් නොවීමට වග බලාගන්න. එය අද ජීවත් වන හෙළයන්ගේ වගකීම හා යුතුකම ද වනු ඇත.

මිනිස් හඬට සංවේදී ප්‍රාණජීව ශාකය

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර. 0382239729

advertistmentadvertistment
advertistmentadvertistment