මිනිසුන්ගේ ධන කාමය සහ බල කාමය පාප් වහන්සේ නත්තල් දේව මෙහෙයේදී හෙළාදකී

64

වතිකානුවේ නත්තල් රාත්‍රියේ දිව්‍ය පූජාවට සහභාගි වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මානව වර්ගයා තුළ ඇති ‘ධනය සහ බලය සඳහා බලවත් ආශාව’ හෙළා දැක තිබේ.

“යුද්ධයෙන්, දරිද්‍රතාවෙන් සහ අයුක්තියෙන් ගිල දැමූ දරුවන් ගැන සියල්ලටම වඩා මම සිතනවා,” යනුවෙන් පාප් වහන්සේ වැඩිදුරටත් පැවසීය.

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝද පුටුවකින් දේවස්ථානයට පැමිණ තිබෙන අතර මෙම දේව මෙහෙය අතරතුර ඔහු රුසියානු-යුක්රේන යුද්ධය ගැන විශේෂයෙන් සඳහන් කළේ නැත.

“සතුන් තම කුටිවල ආහාර ගන්නා අතරේ අපේ ලෝකයේ පිරිමින් සහ ගැහැනුන්, ධනයට හා බලයට ඇති කුසගින්නෙන්, තම අසල්වැසියන්, ඔවුන්ගේ මව්වරුන් සහ සහෝදරියන් පවා පරිභෝජනය කරති” යනුවෙන් හෙතෙම පවසා තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment