අප්‍රිකානු අලි ඇතුන් පිළිබඳව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ මිනිසුන් මෙන්ම අලි ඇතුන්ද එකිනෙකා නමින් හඳුන්වන බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂක මයිකල් බාර්ටෝ ප්රමුඛ කණ්ඩායමක් විසින් කෙන්යාවේ වෙසෙන අප්‍රිකානු වන අලි අධ්‍යයනය කිරීමෙන් මෙය සොයා ගන්නා ලදී.
මයිකල් බාර්ටෝ ප්රමුඛ කණ්ඩායම 1986 සහ 2022 අතර කාලය තුළ කෙන්යාවේ ජාතික වනෝද්‍යානවල සහ වන රක්ෂිතවල පටිගත කරන ලද අලි හඬවල් 625 ක් විශ්ලේෂණය කරන ලදී. මෙම විශ්ලේෂණය කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදු කර තිබේ. මේ විශ්ලේෂණවල ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මිනිසුන් මෙන් අලි ඇතුන් ද යම් අලියෙකු නමින් අමතා පණිවිඩයක් ලබා දෙන බවයි.
චතුර පමුණුව