මියගිය කොටි ත්රස්තවාදීන් සැමරීමේ මහා විරු උත්සව මුළුමනින්ම ප්රතික්ෂේප කරන බව නෝර්වේහි ප්ලොට් නායක රාජන් සිවරාජන් ඊයේ (23දා) දිවයිනට පැවසීය.
මියගිය බව කියන කොටි 200 ක් නෝර්වේහි සිටිනවා යැයිද හෙතෙම අනාවරණය කළේය.
මහාවිරුවන් සැමරීම යනු සිවිල් වැසියන් සැමරීම නොවන බව පැවසූ සිවරාජන් නොවැම්බර් 26 දා ප්රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබීම නිසා එය සැමරීමට කොටි ඩයස්පෝරාව ක්රියාකරන බව හෙළි කළේය.
වන්නි මෙහෙයුමේ අවසාන සතියේ කොටි හමුදා නායකයන් ඇතුළු 200 ක පිරිස නෝර්වේ වෙත පැන ආ බවද හෙතෙම පැවසීය.
කීර්ති වර්ණකුලසූරිය
|