මියගිය කොරල් සහ ගල්මල් විශාල තොගයක් උණවටුන සුදුවැල්ලට ගොඩගහලා

406

උණවටුන, සුදුවැල්ල වෙරළ තීරයට මියගිය කොරල් හා ගල්මල් විශාල සංඛ්‍යාවක් ගොඩගසා ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති. රළ පහරත් සමග මියගිය ගල්මල් හා කොරල්පර වෙරළ තීරයට ගසාගෙන විත් ඇති අතර මෙකී වෙරළ තිරය ඛාදනයවීමට ද ලක්ව ඇත.

වාරකං නිසා රළ පහරවල ස්වභාවයේ ඇති වෙනස්වීමත් සමග මියගිය ගල්මල් හා කොරල්පර වෙරළ තීරයට ගසාගෙන පැමිණ ඇති බවට විශ්වාස කරන බැව් ගාල්ල දිස්ත‍්‍රික් වනජිවි නිලධාරි උත්පල උදාරංග මහතා පවසයි. රළ පහරත් සමග මියගිය ගල්මල් හා කොරල්පර ඛානදනය වී වෙරළ තීරයට ගොඩගසා ගෙනවිත් ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල


advertistmentadvertistment