මියන්මාරයේ තරුණයින් බේරා ගැනීමට විපක්ෂ මන්ත්‍රීවරු ගත් පියවර

435

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්න යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සන්ජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් නෙපිටෝ නුවර පිහිටා ඇති එරට විදේශ අමාත්‍යාංශයේ දී ඊයේ උදෑසන සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ සඳහා මියන්මාර අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ තාන්ය ස්වේ මහතා ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වී තිබේ. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂයෙන් මේ පිරිස බේරාදීමට අදාල රාජතාන්ත්‍රික කටයුතු කර දෙන මෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද භාරදෙන ලදී. 

එම සාකච්ඡාවෙන් අනතුරුව නැවත යැංගුම් නුවර පිහිටි ස්වේදගොන් පැගොඩා මියන්මාර පන්සලේ වැඩවසන මියන්මාර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වන තන්ලින් මින් කයුන්ග් සයර්දව් නායක ස්වාමීන් වහන්සේ සමඟ ද මෙම දරුවන් බේරා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර තිබේ. එම ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකාවේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගේ අත්සනින් යුතු, මෙම දරුවන් බේරා ගැනීම සඳහා වන විශේෂ ඉල්ලීමක් ඇතුළත් සංදේශයක් ද භාරදී ඇත.

මියන්මාරයේ තරුණයින් බේරා ගැනීමට විපක්ෂ මන්ත්‍රීවරු ගත් පියවර
advertistmentadvertistment
advertistmentadvertistment